එප්පාවල පොස්පේට් නිධියෙන් වැඩක් ගන්න හදයි.

Published in පුවත්
Sunday, 19 June 2022 19:21

එප්පාවල පොස්පේට් නිධියෙන් ටී එස් පී සහ එස් එස් පී පොහොර නිෂ්පාදනයට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බව කෘෂිකර්ම වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

1979 වසරේ සිට නිසි ප්‍රයෝජනයක් නොගෙන පවතින ජාතික සම්පතක් වන එප්පාවල පොස්පේට් නිධියෙන් වී සහ අනෙකුත් වගාවන් සඳහා අවශ්‍ය ත්‍රිත්ව සුපිරි පොහොර(ටී.එස්.පී) සහ තනි සුපිරි පොහොර(එස්.එස්.පී) නිෂ්පාදනය ඉක්මනින් ආරම්භ කිරීම සඳහා වැඩපිළිවෙළක් සැකසීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව කීය.

 භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් සිදු කළ අධ්‍යයනයක් අනුව මෙහි උතුරු කොටස මෙන්ම දකුණු කොටසේ මෙට්‍රික් ටොන් මිලියන 60ක සංචිතයක් පවතින බව සනාථ වී තිබේ. එම ප්‍රමාණය මෙරට පොහොර අවශ්‍යතාවය සමඟ සැසදීමේදී වසර 100 කට වඩා වැඩි කාලයක් පාවිච්චි කිරීමේ හැකියාවක් ඇත. එමෙන්ම ෙමහි  පොස්පේට් සංයුතිය ගත් කළ ලෝකයේ දෙවන උසස්ම ගුණාත්මකබවින් හෙබි පොස්පේට් නිධියක් ෙලස එප්පාවල පොස්පේට් නිධිය සැලෙක්. 

එප්පාවල පොස්පේට් නිධිය වර්ග කිලෝමීටර 4ක් පුරා විහිදී පවතින බවත් මෙම පොස්පේට් නිධිය විදිමත් පරිදි භාවිතය තුළින් ටී එස් පී පොහොර ආනයනය සඳහා රජය විසින් වාර්ෂිකව වැය කරන රුපියල් බිලියන 06 ක පමණ මුදලක් රට තුළ ම ඉතිරි කර ගත හැකිව ඇතැයි ද පැවැසේ.

දැනට දේශීය ආයෝජකයින් කිහිපදෙනෙක් එප්පාවල පොස්පේට් නිධියෙන් අදාල පොහොර වර්ග දෙක නිෂ්පාදනය සඳහා ආයෝජනය කිරීමට ඉදිරිපත් වී ඇතැයි පැවසූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඔවුන් ආයෝජනය කරන්නේ නම් විශ්වාසනීයත්වය තහවුරු කිරීම සඳහා අඩු තරමින් ඩොලර් මිලියන විස්සක් රජයේ ගිණුමෙහි තැන්පත් කළ යුතු බවද පැවසීය.

මෙම පොස්පේට් නිධියෙන් මෙරටට ගත හැකි නියම ප්‍රයෝජනය ගැන දශක ගනනාවක් තිස්සේ සාකච්ඡාවට ගැනෙන නමුත් මේ දක්වා නිසි වැඩපිළිවෙලක් ඒ වෙනුවෙන් ගෙන නොමැත.

අද රට මුහුණ දී තිබෙන අර්බුධ හමුවේ හෝ මේ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න හැකි වන්නේ නම් එය රටට කරන වටිනා ආයෝජනයක් වෙයි. එමෙන්ම මෙම පොහොර අපනයනයට අවස්ථාවන් උදාකර ගැනීමට හැකියාව ඇත. එමඟින් රටට විදේශ විනිමය එකතුකර ගැනීමේ අවස්ථාවද තිබේ.

 -මහේෂි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us