සුරා බදු ප්‍රතිපත්තියෙන් නීති විරෝධි මත්පැනට වැඩි නැඹුරුවක්  

Published in පුවත්
Wednesday, 22 June 2022 18:56

රට තුළ මෑත කාලීනව මත්පැන් මිල වැඩිවීම සහ රටේ ජනතාවගේ ආදායම් අඩු වීම හේතුවෙන් මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. එසේම මේ කරුණු නිසා මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බවද මේ නිසා නීති විරෝධී මත් පැන් නිෂ්පාදනය වැඩිවීමේ ප්‍රවණතාවක් මේ වන විට ඇති වී තිබෙන බවත් සුරාබදු නිලධාරීන් පෙන්වා දෙයි.

මේ පිළිබඳ අනාවරණය වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

විශේෂයෙන්ම රාජ්‍ය ආදායම වැඩිකරගැනීමට සකස්කොට ඇති සැලසුම් හා ඒවායේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ආයතන කිහිපයක් නියෝජනය කරන නිලධාරීන් සම්බන්ධකරගැනීම මෙහිදී සිදු විය. මේ අනුව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රි ලංකා රේගුව නියෝජනය කරන නිලධාරීන් මෙසේ මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධකර ගැනීම සිදු විය.

මෙහිදී ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඉලක්කගත ආදායමට ළඟාවීමේදී ගැටලු කිහිපයක් ඇති වී තිබෙන බවත් මත්පැන් නිෂ්පාදනය කිරීමට ඇති එතනෝල් ප්‍රමාණය සීමාසහිත වීම, ඩීසල් සහ දැවි තෙල් සීමාසහිත වීම සහ බෙදාහැරීමේදී ඇති ගැටලු මීට හේතු වී ඇති බවත් මෙම නිලධාරීන් සඳහන් කළේය.

දේශීය මත්පැන් නිෂ්පාදනයට අවශ්‍ය එතනෝල් රට තුළදී නිෂ්පාදනය කර ගැනීමට දැඩි බාධාවක් මතුවීම තුළ ඉදිරියේදී මත්පැන්වලින් ලැබෙන සුරාබදු ආදායම රජයට නොලැබී යාමේ අවදානම් තත්ත්වයක් මතුව ඇතැයි මීට මාස කිහිපයකට පෙර අනාවරණය වී තිබිණි.

ඉකුත් වසරේ (2021) අපේක්ෂිත වාර්ෂික සුරාබදු ආදායම රුපියල් කෝටි 16,000ක් බව ත් කොරෝනා පැතිරයෑම හේතුවෙන් එයින් රුපියල් කෝටි 2,700ක සුරාබදු ආදායමක් අහිමි වූ බව ත් සුරාබදු කොමසාරිස්වරයා පසුගිය දා රාජ්‍ය ගිණුම්කාරක සභාවට දන්වා තිබිණි.

මේ තත්ත්වය මගහැර නොගත්තොත් සුරාබදු ආදායමෙන් රජය මාසිකව සිදු කරන රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් ගෙවීම් ඇතුළු වියදම් කිහිපයක් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවට ද අනතුරු හඟවා තිබිණි. ඒ අනුව මේ වන විට එම තත්වය ඇතිව තිබේ.

සෙවණගල, පැල්වත්ත, හිඟුරාණ, ගල්ඔය, හංවැල්ල යන ප්‍රධාන ස්කාගාර පහක් ආශ්‍රිතව දේශීය මත්පැන් නිෂ්පාදනය කරන අතර අදාළ මත්පැන් නිෂ්පාදන පෞද්ගලික සමාගම් මේ වන විටත් එතනෝල් නිෂ්පාදනය සඳහා වන බාධාවන් පිළිබඳ සහ එසේම එතනෝල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය විදෙස් රටවලින් ආනයනය කෙරෙන අතර ඩොලර් හිඟය මත එම ගෙන්වීම්වලට බාධාවක් මතුව ඇති බව ද සුරාබදු දෙපාර්තමේන්තුව හා අදාළ බලධාරීන් දැනුවත් කර තිබිණි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පිළියම් යෙදීමට රජය අපොහොසත්ව තිබේ.

මත්පැන් සම්බන්ධයෙන් සමාජය තුළ කවර විවේචන තිබුණත් මෙරට රාජ්‍ය ආදායම ලෙස ලැබෙන බදු ආදායමෙන් වැඩි කොටසක් ලැබෙන්නේ මත්පැන් වෙළඳාමෙනි. මත්පැන් සම්බන්ධයෙන් සමාජයෙන් එල්ල වන ආගමික හෝ සෞඛ්‍යමය හේතූන් මත වන විවේචන හමුවේ මත්පැන් බාවිතය අධෛර්යමත් කිරීමට යැයි පවසමින් සුරා බදු වැඩි කිරීම ආදිය සිදු කෙරෙයි.නමුත් ඒ හරහා මත් ලෝලීන් නීති විරෝධී මත්පැන් භාවිතයට යොමු වීම සාමාන්‍ය සංසිද්ධියකි.

එම තත්වයන් පාලනයට සැර සැර වැඩි මත් පැන් මිල ඉහළ දැමීමටත් සැර අඩු (බියර්, වයින්.) මත් පැන් මිළ අඩුකිරීමටත් පසුගිය කාලයේ තීරණය කෙරුණු නමුත් ඊටද එරෙහිව මත එල්ල විය.මත් පැන් නිසා රෝගී වන්නන්ට ප්‍රතිකාර කිරීමට සුරබදු ආදායමට වඩා වැඩි වියදමක් දැරීමට සිදුවන බවට තර්කයක්ද ඒ මොහොතේදී ඉදිරිපත් විය. එහෙත් මත් ලෝලීන් ප්‍රමිතියෙන් යුතු නිත්‍යනුකූල මත් පැන් බාවිතය අත් හැර අවදානමක් ගෙන නීති විරෝධී මත් පැන් බාවිතයට පෙළඹීම මත රෝහල් වියදම අඩු වීමකට වඩා වැඩි වීමේ හැකියාවක් තිබේ. එසේම වෙනත් ප්‍රශ්න ගනනාවක්ද ඒ අනුව ඇතිවේ.

කොහොම නමුත් රාජ්‍ය ආදායම් අහිමි වීම සම්බන්ධයෙන් බරපතල අර්බුදයක සිටින් රජය තමන්ට ලැබෙන ආදායම් වැඩි කර ගැනීම කෙරෙහි ප්‍රමුඛතාවය දිය යුතුය. සුරා බදු ප්‍රතිපත්තීන් සකස් කළ යුතු වන්නේ ඒ සිහියේ තබාගෙන මිසක් සමාජයේ තිබෙන ප‍ටු ආකල්ප මත පදනම්ව නොවේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us