ඉදිරිය සුබ වන ලකුණු! රට වෙනුවෙන් වගවෙමු!!

Published in පුවත්
Wednesday, 22 June 2022 21:00

තවත් බොරතෙල් සහ දැවි තෙල් තොගයක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 34ක් ගෙවා ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

එම ඉන්ධන විදුලිබල උත්පාදනයට හා කාර්මික කටයුතු සඳහා යොදා ගැනීමට සැලසුම්කර ඇත.

නොරොච්චෝලේ විදුලි බලාගාරය, යළි විදුලිබල සැපයුමට එක් කරන තෙක් දෛනික විදුලි කප්පාදුව පැය දෙක හමාරේ සීමාවේ තබා ගැනීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

මේ අතර ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබා ගැනීම සදහා ලෝක බැංකුවේද සහායෙන් ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඉන්දියාවෙන් ඉදිරියටත් ණය සහන ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ඉන්දීය නියෝජිත පිරිසක් හෙට දිවයිනට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

මේ මොහොතේ අප කොයි කව්රුත් බැලිය යුත්තේ කෙසේ හෝ රට ගොඩ නැගීමට සහාය දීම මිස මේ අර්බුදයේ නිර්මාණකරුවන්ගේ පට්ටන්දර සෙවීම නොවේ..අර්බුදයේ නිර්මාණකරුවන් සොයන්නට ගියහොත් අපට ඉතිහාසයේ කොයි කෙළවරකින් අවසන් කරන්නට සිදුවේ දැයි කිව නොහැක. අනෙක ඉතිහාසය යනුම ප්‍රබන්ධයකි. යථාර්ථය වර්තමානයයි. ඉතිහාසගත වැරදි ක්‍රියාමාර්ග වල ප්‍රතිපලය දැන් අප කාට කාටත් බුක්ති විදීමට සිදුව ඇත. අප විසඳා ගත යුත්තේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයයි.

මේ මොහොතේත් බොරදියේ මාළුබාන දේශපාලන පක්ෂ මේ අර්බුදයේ නිර්මාණ කරුවන් යැයි කියමින් තවමත් එකිනෙකාට ඇගිලි දික් කරමින් මඩ අවලාද ගසමින් ඇත. ඉන් එහා රට ගොඩ ගැනීමට කිසිදු ඇත්ත උවමනාවක් කිසිදු මේ දේශපාලන පක්ෂවලට නොමැති බව පැහැදිලිය.. කෙසේ වෙතත් මේ මොහොතේ මේ අර්බුදයෙන් මිදීම සදහා වත්මන් ආණ්ඩුව හැකි සෑම උත්සාහයක්ම ගනිමින් ඇත..විය යුත්තේද එයම පමණි..එසේ නොමැතිව රටවැසියාට හෝ පැත්තකට වී කෑ මොරගාන කිසිවකුට හෝ පැවැත්මක් ද නැත. ඔවුන්ගේ මුග්ධකම් ගැන අනුකම්පා කළ යුතුය.

මේ මොහොත යනු රට වෙනුවෙන් සෑම සියළු දෙනාගේ වගවීම විය යුතු මොහොතකි. ගෙදර වැඩිපුර දැල්වෙන විදුලි පහනක් හෝ නිවා රටේ උන්නතිය වෙනුවෙන් දායක විය යුතු මොහොතකි. රට වෙනුවෙන් කළ හැකි තවත් බොහෝ දේ තිබේ. ඒ සොයන්න,අලුත් අලුත් අදහස් ගොඩ නගන්න, තව අයට කියන්න. එකට එකතුවී වැඩ කරමු. අපි එකිනෙකා එහෙම හිතුවොත්, එහෙම වැඩ කොළොත් මේ රට ගොඩනැගීම අසීරු නොවේ.

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us