''සැමට හිමි බිමක් ''යටතේ ඉඩම් අහිමි පවුල්වලට ඉඩම් හිමිකම්

Published in පුවත්
Saturday, 25 June 2022 12:29

ඔප්පුවක් නොමැති ලක්ෂ ගණනක් වූ ජනතාවට ඉඩම් හා නිවාස අයිතිය නීත්‍යානුකූලව ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සැමට හිමි බිමක් වැඩපිලිවෙල යටතේ ඉඩම් අහිමි පවුල්වලට ඉඩම් හිමිකම් ලබා දීමේ වැඩසටහන අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ආරම්භ වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක මෙම වැඩසටහන මෙහෙයවන්නේ සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශයයි.

භූමියේ නීත්‍යානුකූල හිමිකමක් නැති සියලු දෙනාට ඉඩම් අයිතිය හිමි බිම ඔප්පු ප්‍රදානය මගින් සිදුවන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසුවා. සෑම සතියකටම ඔප්පු 1000 ත් 3000ත් අතර සංඛ්‍යාවක් මේ යටතේ ලබා දීමට කටයුතු යොදා ඇති බවයි ඔහු පැවසුවේ. මීට සමගාමීව පුත්තලම හා කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුලද හිමිකම් ඔප්පු ලබාදීම සිදු කෙරුණා.

හිසට සෙවනක් නැති හදාගන්න හවු හරණක් නැති දුගී දුප්පත් අඩු ආදයම් ලාභී පවුල් 20000කට වැඩි ප්‍රමාණයක් ගෙවුන වසර එක හමාර තුල සදා නිම කරන ලද ගෙවල් තුල පදිංචි කෙරූ , සඟ සසුනට දරුවන් දායද කර තවමත් ජීවත වීමට නුසුදුසු තත්වයේ සිටි දෙමවුපියන්ට “ මිහිදු නිවහන” නිවාස ව්‍යාපෘතිය යටතේද ගෙවල් සාදා නිම කර පදිංචි කරමින් වත්මන් ආණ්ඩුව නිවාස ලබා දීමේ වියාපෘතිය සාර්ථකව සිදු කළේය..ඒ හරහා යමින් තවත් මෙවන් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම ඉතා හරවත් තීන්දුවකි.

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us