අතහැර දැමු ඉඩම් අතිරේක බෝග වගාවන්ට !

Published in පුවත්
Saturday, 25 June 2022 19:53

ආහාර සුරක්ෂිතාව සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ 2022 යල කන්නයේ අතහැර දමා ඇති කුඹුරු ඉඩම් තුළ අතිරේක ආහාර භෝග වගා කිරීමේ වැඩසටහනක් දිස්ත්‍රික් නියෝජ්‍ය ගොවිජන සංවර්ධන කොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීමෙන් දියත් කර ඇත.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නියෝජ්‍ය ගොවිජන සංවර්ධන කොමසාරිස් චමින්ද ඒකනායක මහතා අදහස් දැක්වූයේ මෙසේය,

"දැනට කුඹුරු ඉඩම් අක්කර 16,200ක පමණ ගොවිජන සංවර්ධන බලප්‍රදේශ මට්ටමින් බඩඉරිඟු, සෝයා, කුරක්කන්, උඳු, මිරිස්, ලොකු ලූනු, කවුපි, මුං, රටකජු, එළවළු, කෙසෙල්, කොමඩු හා ගස්ලබු වගා කර තිබෙනවා. අක්කර 8736.75ක සෝයා හා අක්කර 1279.4ක උඳු වගා කළා. ලොකු ලූනු වගා කර ඇති බිම් ප්‍රමාණය අක්කර 1065ක්. අක්කර 428ක බඩඉරිඟු වගාව සිදු කර ඇති අතර, අක්කර 497.5ක කවුපි හා අක්කර 207.75ක මුං වගාව සාර්ථකව පවත්වාගෙන යනවා. එළවළු වගා කර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 2164.3ක්. එහි වට්ටක්කා, වම්බටු, මෑ වර්ග හා බණ්ඩක්කා වගාවට මුල්තැන හිමි වී තිබෙනවා."
මෙය අතිශය කාලෝචිත ක්‍රියාවකි..අප මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ පෙර නොවුවිරු ගැටළු රැසකටය. රටේ පාලකයන්ටත් සියලු ගැටළු පසෙක තබා ඉදිරියේ ඇති විය හැකි දරුණු ආර්ථික අර්බුදය ජය ගැනීම උදෙසා ඇප කැප වී වැඩ කිරීමට සිදුව ඇත..එම නිසා වත්මන් රජය වගා සංග්‍රාමයකට මුලපුරා තිබේ. එහෙත් තවමත් රටේ විවිධ ප්‍රදේශ වල පුරන් වී ගිය කුඹුරු, මුඩු ඉඩම් ඇත..ඒවායේ මේ මොහොතේ වැවීමට හැකි බෝග හෝ වගා කිරීම නුවණට හුරුය..කෙසේ හෝ රජයේ අධිෂ්ඨානය වී ඇත්තේ රටේ සෑම බිම් අගලකම වගා කටයුතු ආරම්භ කිරීමටය..රටේ සමස්ත පුරවැසියාද තවත් බලා නොසිට තම නිවෙසෙන් වගා කටයුතු ආරම්භ කළහොත් ඉදිරියේදී ඇතිවිය හැකි සාගතය පහසුවෙන් ජය ගත හැකි වනු ඇත..

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us