ඉවසීමෙන් සැනසීම ලබා ගන්න දැන් ඉන්ධන පෝලිම් ටෝකන් ක්‍රමයට !

Published in පුවත්
Sunday, 26 June 2022 19:19

ඉන්ධන ලබාදීමේ දී ටෝකන් ලබාදීමේ ක්‍රම වේදයක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඉන්ධන පිරවුම්හලකට ලැබෙන ඉන්ධන තොගයට අදාළව නිකුත් කළ හැකි ප්‍රමාණයන්ට පමණක් එම ටෝකන් නිකුත් කෙරෙන බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කොළඹ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අද ප්‍රකාශ කළේ.

මේ අතර රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආමත්‍යවරුන් දෙදෙනෙකු හෙට දිනයේ දී රුසියාව බලා පිටත්ව යන බවද අමාත්‍යවරයා කියාසිටියා.

කෙසේවෙතත් ඉන්ධන හල් වලට ටෝකන් ක්‍රමයට අනුව ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙල ඉතා හොද ක්‍රමවේදයක් බව කිව යුතුය..මන්ද දැන් දැන් ඉන්ධන හල් තුළ ඇතැම් මිනිසුන් ගේ හැසිරීම ඉතාම කලහකාරී ,බිහිසුණු ස්වභාවයක් ගෙන ඇත..මෙය රටේ සම ප්‍රදේශ තුලින්ම වාර්තා වන අතර ගැටුම්,පිහි ඇනුම් ,ඉන්ධන හල් ගිනි තැබීම, ඉන්ධන හල් හිමියන් බිය වද්දා ඉන්ධන මංකොල්ලකෑම දක්වාම මෙම ක්‍රියා වර්ධනය වී තිබීම බරපතල තත්වයකි..

තවද ඉන්ධන නොමැති දිනවලට ජනතාවට කොතෙක් දනුම්වත්වීම් කළද ජනතාව එය කණකට නොගෙන දවස් ගණන් ඉන්ධන හල් අසල රැදී සිටීමෙන් මෙවන් ප්‍රචණ්ඩක්‍රිය පමණක් නොව එමගින් ගමනා ගමනයට සිදුවන බාධා සුළුපටු නොවේ..මෙම ජනතාව කායිකව මෙන්ම මානසිකවද නිකරුනේ විඩා පත්වන හෙයින් ඇතැම් පුද්ගලයන්ට නිදන්රෝග ඉස්මතු වී මරණ පවා සිදුව ඇති අයුරු පසුගිය කාලය තුළම අප දුටුවෙමි..

ජනතාවට ඇත්ත ප්‍රශ්නයක් තිබෙන බවට විවාදයක් නැත..එම නිසාම ඔහුන්ගේ ප්‍රකෝපකාරී බව සාධාරණය..එහෙත් එයින් සිදුවන යහපතක් නොමැත..සිදුවන්නේ වෙනත් ප්‍රශ්න වලට ඔහුන්ටම මුහුණ දීමය..පොලිසි ගානේ ,උසාවි ගානේ ගොස් අවසානයේ හිරගෙයි සිටීමට සිදුවීම හැර ඔහුන්ට ලැබෙන දෙයක් නැත..එම නිසා බුද්ධිමත්ව හැසිරීම ජනතාව වගබලා ගත යුතුය..ඉවසීමෙන් සැනසීම ලැබෙන්නේ එවිටය...එවන් පසුබිමක මෙම ටෝකන් ක්‍රමය අතිශය කාලෝචිත තීරණයකි..එවිට ඉන්ධන ලබා ගැනීමට සිටින ජනතාවට පෝලිම් ගානේ රස්තියාදු නොවී තමන්ගේ වාරය පැමිණෙන දිනය එනතෙක් ඉවසීමෙන් සිටිය හැකිය.

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us