ආර්ථිකය හරියට හදා ගන්න ඇමරිකාවේ සහය වැදගත්

Published in පුවත්
Monday, 27 June 2022 19:11

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා තාක්ෂණික සහාය ලබා දිමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වන බවත් මෙරටට පැමිණ සිටින ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ පැවැති සාකච්ඡා වලදී පවසා තිබේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නියෝජීත පිරිස සහ ජනාධිපතිවරයා  අද (27) පෙරවරුවේ කොළඹ,ජනාධිපති මන්දිරයේ දී හමුවු අතර අගමැතිවරයා සමඟ හමුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ඉතා උනන්දුවෙන් පසුවන බවත් මේ අසීරු කාල සීමාවේදී ශ්‍රී ලංකාව සමග එකට ගමන් කිරීමටත්, අවශ්‍ය සහාය දෙමින් හැකි උපරිමයෙන් උපකාර කිරීමට කටයුතු කරන ලෙසත් ඇමරිකානු ජනාධිපතිවරයා උපදෙස් දුන් බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජ්‍ය රාජ්‍ය සහකාර ලේකම් කෙලී කීඩර්ලින් (Kelly Keiderling) සහ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කලාපය භාර නියෝජ්‍ය ලේකම් රොබර්ට් කැප්‍රෝත් (Robert Kaproth) යන මහත්වරු සඳහන් කර තිබේ.

මේ වන විටත් අමරිකාව කුඩා පරිමාණ ව්‍යාපාර නගා සිටුවීමට කොමර්ෂල් බැංකුවට ඇමරිකානු ඩොලර් මිලියන 100ක මධ්‍ය කාලීන ආධාර මුදලක් සහ මානුෂීය ආධාර ලෙස ඩොලර් මිලියන 5.75ක් හා ඩොලර් මිලියන 6ක් ලෙස ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රදාන සිදු කර තිබේ.

එසේම ඖෂධ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ණයවර ලිපි නිකුත් කිරීමේ දී ශ්‍රී ලංකාවට සහාය වන ලෙස ජාත්‍යන්තර බැංකු වෙතින් ඉල්ලා සිටීමට කටයුතු කරන බව ද මෙම කණ්ඩායම පොරොන්දු වී තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින බරපතල ආර්ථික හා සමාජීය අර්බුදයයන් සමනය කර ගැනීම වෙනුවෙන් අමරිකානු රාජ්‍යයේ මැදිහත් වීම සුබවාදී අපේක්ෂා දැල්විය හැකි තත්වයකි. විශේෂයෙන්ම රාජ්‍ය මුල්‍ය කලමණාකරනය සම්බන්ධයෙන් බරපතල විවේචන එල්ලවන මෙරටට රාජ්‍ය මුල්‍ය කලමණාකරන කටයුතු සදහා තාක්ෂණික සහාය ලබා දිමට මැදිහත් වීම එම ක්ෂේත්‍රයේ ඉදිරි පිම්මක් වනු ඇත. රාජ්‍යයේ වංචා, දුෂණ, අක්‍රමිකතා මෙන්ම නිසි සැලසුම් අනුව ක්‍රියාත්මක නොවීම අද රට මුහුණ දෙන අර්බුදයට ප්‍රබල හේතුවක්ව තිබේ.

ආදායම් වියදම් සිදු වුයේ කෙසේද යන්න ගැන කිසිවක් නොදන්නා ගනුදෙනු ගැන ද පසුගිය කාලයේ අසන්නට ලැබී තිබිණි. ණය කලමණාකරනය සම්බන්ධයෙන්ද විශාල දුර්වලතා ඇති බවට චෝදනා ඇත.

කෙසේ නමුත් මේ අඩුපාඩුකම් නිවැරදි කරගැනීමකින් තොරව මේ රටේ ආර්ථිකය යළි ගොඩනැංවිය නොහැක. මේ නිසා ඇමරිකානු රජයෙන් ලැබෙන මෙම සහය අතිශය වැදගත් එකකි.

- මහේෂි

Last modified on Monday, 27 June 2022 19:13

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us