රට පුරා රූපලාවණ්‍යාගාර හදිසි පරීක්ෂාවකට ලක් කෙරේ

Published in පුවත්
Tuesday, 19 August 2014 12:38

රට පුරා පිහිටුවා ඇති රූපලාවණ්‍යාගාර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ කණ්ඩායමක් ලවා හදිසි පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන්නේ බම්බලපිටිය රූපලාවන්‍ය මධ්‍යස්ථානයකදී වෛද්‍යවරියක් මියයෑමේ සිද්ධිය හේතුවෙන් පුළුල් සාකච්ජාවකින් පසුව මෙම පියවර ගත් බවය.

පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමන කොමිෂන් සභාව ඉදිරියේදී කැදවා රූපලාවණ්‍යාගාර සම්බන්ධයෙන් විශේෂ තීන්දු කිහිපයක් ගන්නා බවද වෛද්‍ය මහීපාල මහතා කීවේය.

පෞද්ගලික වෛද්‍ය ආයතනයක් ලෙස ලියාපදිංචි වන සමහර ආයතන නීතිරීති උල්ලංඝනය කරමින් කටයුතු කරන අවස්ථාවලදී ඒවාට එරෙහිව දැඩිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us