ඉවසීමෙන් කටයුතු කරමු. සැනසීම ළඟ එනවා..

Published in පුවත්
Thursday, 30 June 2022 19:21

රට මුහ්‍යු දී තිබෙන කෙළවරක් නැති ප්‍රශ්න විසඳා ගැනීමට වෙනදාට වඩා ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කළ යුතු කාලයකි මේ.

අද තිබෙන තෙල් ගෑස් හිඟවීමේ ප්‍රශ්නය විසඳා ගැනීමට තිබෙන අවස්ථා බොහොමයක් රටෙන් මඟහැරී ගොස් තිබේ. මේ නිසා ඉතා අසීරු තත්වයන් හමුවේ මේ ප්‍රශ්න විසඳා ගැනීමට සිදුව තිබේ.

කොහොම නමුත් මේ වන විටත් ගෑස් හිඟය පියවීම වෙනුවෙන් රජය පියවර ගෙන තිබේ.

මේ වන් විට ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබා ගැනීම සඳහා අද (ජූනි 30) දිනයේදී ගිවිසුම් අත්සන් කර තිබේ.

අදාළ මුළු ගෑස් තොගයේ මිල අමෙරිකානු ඩොලර් මිලියන 90ක් වන අතර ඒ සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 70ක අරමුදල් සපයා ඇති අතර ඉතිරි ඩොලර් මිලියන 20 ලිට්‍රෝ සමාගම ලබා දී ඇත.

මෙම තොගය මාස හතරකට රට තුළ ගෑස් සැපයීමට ප්‍රමාණවත් වනු ඇති අතර ගෑස් තොගයෙන් 70%ක් ගෘහස්ථ පාරිභෝගිකයන් වෙත ලබා දීමට නියමිත ය.

මෙයින් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර මිලියන 5ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩර මිලියන 1ක් සහ කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩර මිලියන 1ක් ලබා ගැනීමට ඇස්තමේන්තු කර තිබේ.

ඉතිරි 30% වාණිජ භාවිතය සඳහා ලබා දෙනු ඇත.

ඩොලර් මිලියන 20ක වියදමින් ලිට්‍රෝ සමාගම ලබා ගන්නා LP ගෑස් ටොන් 33,000ක මූලික තොගයක්, ජූලි මස මුල් සතිය වන විට මෙරටට පැමිණෙන අතර ගෑස් මෙරටට ලැබුණු වහා ම බෙදා හැරීම ආරම්භ කරන බවට අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබිණි.

මේ කටයුත්ත සිදුවේ නම් ගෑස් ප්‍රශ්නය දින කිහිපයක් ඇතුලත නිම වෙනු ඇත.

එමෙන්ම ඉන්ධන පිළිබඳ ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් පියවරයන් ගනනාවක් මේ වන විට රජය ගෙන තිබේ. නමුත් මේ වෙනුවෙන් තවත් සතියක් දෙකක් පමණ කාලයක් ඉවසීමෙන් බලා සිටිනන්ට සිදුවනු ඇති බව දැනට ඇති තොරතුරු අනුව පැවැසිය හැකිය.
එහෙත් යම් ලෙසකින් ඊට පෙරම මේ ප්‍රශ්නයත් විසඳා ගැනීමට හැකි වෙනු ඇති බවටත් අපේ ක්ෂාවක් රජයට තිබේ.

මේ නිසා කළඹල නොවී පවතින දුෂ්කර තත්වයන් යටතේ තවත් කෙටි කාලයක් ඉවසීමෙන් කටයුතු කිරීමට ජනතාව බුද්ධිමත් විය යුතුය.

ඇතැම් කූට බලවේග ජනතාව අවුස්සා නැවැත මහා විනාශයකට අර අදින බවට තොරතුරු හුවමාරු වන නිසා ඒ උගුල් වල නොවැටී සිටීමට වගබලා ගත යුතුය. සාමය, සහයෝගය සමාජය වෙතින් ඉවත්ව කළඹල වී කොරස් කටේවත් අතදාගන්න බැරිව මහ විනාශයක් සිදු විය හැකිය.

- මහේෂි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us