රුසියාවෙනුත් සුබදායක පණිවිඩයක්  

Published in පුවත්
Friday, 01 July 2022 16:50

රුසියාවේ සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බව ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති යූරි මැටෙරි මහතා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති යූරි මැටෙරි මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අතර හමුවක් අද පැවැත්විණ.

එහිදී බහුවිධ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් කරුණු කිහිපයක් සාකච්ඡා කර ඇත.ශ්‍රී ලංකාව මුහුණදෙන ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ගෙන ඇති පියවර කිහිපයක් පිළිබඳව මහාචාර්ය ජී.එල් පීරිස් මහතා තානාපති යූරි මැටෙරි මහතා දැනුවත් කර බව පැවැසෙයි.

රුසියාව සමඟ වන ශ්‍රී ලංකාවේ මිත්‍රත්වය අඩසියවසකටත් එහායින් තිබෙන්නකි. නවසිය පනහේ දශකයේදි රුසියාව සමඟ වන නිල රාජ්‍යතාන්ත්‍රික කටයුතු ආරම්භය සිදුකර ඇති අතර ඒ හරහා මෙරට සංවර්ධනය වෙනුවෙන් රුසියාව විශාල පරිත්‍යාගයන් ප්‍රමාණයක් මෙරටට සිදු කර තිබේ.

එසේම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපහසුතාවයට පත් වූ සෑම මොහොතකම පාහේ රුසියාව ශ්‍රීලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් සිය ආරක්ෂාව රටට ලබා දී ඇත.

වත්මන් මොහොතේදී රට මුහුණ දෙමින් තිබෙන අර්බුද හමුවේ රුසියාවේ සහය ලැබීම වැදගත්ය. විශේෂයෙන්ම රුසියාවෙන් සහන මිලකට ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙනුත් පසුගියදා සාකච්ඡා ආරම්භ වී තිබිණි.

ඒ අතර වාරයේදී රුසියානු තානාපතිවරයා රුසියාවේ සහය ලබා දෙන බව ප්‍රකාශ කිරීම සුබවාදී බලපොරොත්තු තබා ගැනීමට හැකිවීමකි.

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us