දුම්රිය මැදිරි 250 ක් කඩිනමින් අලුත්වැඩියා කෙරේ!

Published in පුවත්
Sunday, 03 July 2022 20:04

ධාවනයෙන් ඉවත්කර ඇති වසර විසිපහකට වැඩි ආනයනික රුමේනියන් දුම්රිය මැදිරි 250 ක් කඩිනමින් අලුත්වැඩියා කොට ධාවනයට යොදා ගැනීමට අවශ්‍ය කටයුතු කරනමෙන් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දුම්රිය බලධාරීන්ට උපදෙස් දුන්නේය.


ඊයේ (02) දෙමටගොඩ දුම්රිය මැදිරි අළුත්වැඩියා කිරීම සඳහා ස්ථාපිත කර ඇති තන්ත්‍රී (Tantri) සමාගම් අංගනයෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු දුම්රිය බලධාරීන්ට මෙලෙස උපදෙස්දී තිබුනි.

නව දුම්රිය මැදිරියක් ආනයනය කිරීම සඳහා රු.මිලියන 200 ක් පමණ වැයවන අතර දුම්රිය මැදිරි අලුත් වැඩියා කිරීම සඳහා දෙමටගොඩ ස්ථාපිත කර ඇති තන්ත්‍රී (Tantri) සමාගමෙන් මැදිරියක් අළුත්වැඩියා කිරීම සඳහා වැයවන්නේ රුපියල් මිලියන 20ක් පමණි.

මේ වන විටත් එම සමාගම මඟින් රුමේනියන් දුම්රිය මැදිරි හා බලවේග කට්ටල මැදිරි 200 ක් අලුත් වැඩියා කොට ධාවනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා භාරදී ඇත.

ඉන්ධන අර්බුධයත් සමඟ වැඩි මගී ප්‍රමාණයක් දුම්රියෙන් ප්‍රවාහන කටයුතු සලසා ගැනීමට යොමු වී ඇති බැවින් වැඩි මැදිරි ප්‍රමාණයක් ධාවනයට යෙදවිය යුතු බව අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහතා අවධාරණය කරයි.

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us