ලෝකෙම එකම අර්බුදයක !

Published in පුවත්
Sunday, 03 July 2022 20:05

කොවිඩ් ලෝක වසංගතය, රුසියා-යුක්රේන යුද්ධය හා එකිනෙක රාජ්‍යයන් විසින් අනුගමනය කරන ලද වැරදි ආර්ථික ප්‍රතිපත්ති පවත්නා අර්බුදයට බලපෑ ආසන්න හේතු ලෙස දැක්විය හැකිය. මේ වන විට අපගේ ප්‍රමුඛ ගැටලුව වී ඇත්තේ ඉන්ධන හිඟයයි. ලොව ප්‍රකට තෙල් සමාගම් ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීමේ දී පසුබා සිටින බව පෙනී යයි. මේ අනුව ගැටලුවට විසැඳුමක් ලබා ගන්නා තෙක් පවතින සීමිත තෙල් සංචිත අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ලබා දීමට රජයට සිදු වී ඇත.

තෙල් ගැටලුව විසැඳීම සඳහා රජය උපාය මාර්ග කිහිපයක් ගෙන තිබේ. එක උපාය මාර්ගයක් වන්නේ ඇතැම් තෙල් සමාගම් සඳහා ගෙවීමට ඇති ණය වහාම ගෙවා දැමීමට තීරණය කිරීමය. දෙවැන්න මව් සමාගම් සමඟ ඍජු සාකච්ඡා ඇති ‍කර ගනිමින් ගිවිසුම් අලුත් කර ගැනීමට පියවර ගැනීමය. තෙවනුව අලුත් තෙල් සමාගම් සමඟින් නව ගිවිසුම් ඇති කර ගැනීමට උත්සාහ කිරීමය. රුසියාවෙන් තෙල් හා ගෑස් ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ද රජය කටයුතු කරගෙන යයි. ජනාධිපතිවරයාගේ උත්සාහය වන්නේ ඉන්ධන කටයුතු සඳහා අලුත් මාර්ග සිතියමක් සකස්කොට ඒ අනුව කටයුතු කිරීම බව ප්‍රකාශ වී ඇත.

මෙය අපට පමණක් බලපාන ගැටලුවක් ද නොවේ. පාකිස්තානය ආර්ථික අර්බුදයේ උපරිම අවස්ථාවට පැමිණ ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 6.4ක් ඉල්ලා සිටී. මේ වන විට විසිදෙවතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගෙන ඇති පාකිස්තානය ණය උගුලක හිර වී ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. මැලේසියාවේ, කැන‍ඩාවේ හා ඉරානයේ උද්ධමනය ශීඝ්‍ර ලෙසින් ඉහළ යන අතර ජනතාව නොසන්සුන් වී ඇත. ඉරානයේ විශ්‍රාමිකයෝ පවා විශ්‍රාම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් පාරට බැස සිටිති. ලෝකයේ බොහෝ රාජ්‍යයන් දරුණු ආහාර අර්බුදයක් අබියස විස්මයෙන් බලා සිටී. කෙසේවෙතත් සිදු විය යුත්තේ යථාර්ථයට මුහුණ දෙමින් අර්බුදය ජය ගැනීම සඳහා සටන් කිරීම පමණි.

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us