රනිල්ට ජාත්‍යන්තරයෙන් සහතිකයක්

Published in පුවත්
Thursday, 21 July 2022 14:56

නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකාව වෙත සිය සහාය ලබා දිමට සූදානමින් සිටින බව ලොව ප්‍රධාන පෙළේ රටවල් සඳහන් කර සිටියි. ශ්‍රී ලංකාවේ පිහිටි එම රටවල මහකොමසාරිස් කාර්යාල සහ තානාපති කාර්යාල හරහා මේ පිළිබඳව දැනුම් දීම සිදු කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින සඳහා වන ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සිය නිල ට්විටර් ගිණුමේ සඳහනක් තබමින් රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස පත්වීම ප්‍රජාතන්ත්‍රවාදීව සහ ව්‍යවස්ථානුකූල ක්‍රමවේදයක් අනුව සිදු වූවක් බව පවසා සිටියි.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමගින් එක්ව ශ්‍රී ලංකාව තුළ ඇති කරගන්නා දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වයක්, සඳහා නව රජය උනන්දු කරවීමට ඔස්ට්‍රේලියාව කටයුතු කරන බවත් මහකොමසාරිස්වරයා පවසා සිටියි.

එසේම ශ්‍රී ලංකාවේ ජනතාව වෙත අවශ්‍ය සහයෝගය ඉදිරියටත් ලබාදීමටත් පියවර ගන්නා බවද ඔහු මෙහිදී පවසා තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හුල්ටොන්ද සිය ට්විටර් ගිණූමේ අදහස් දක්වමින්, නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් නව රජය සමගින් කටයුතු කිරිිමට බලාපොරොත්තුව සිටින බව පවසා තිබේ.

එහිදී සියලුම ශ්‍රී ලාංකිකයෙන්ගේ අවශ්‍යතාවන් සඳහා මෙන්ම අවශ්‍ය ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා රජය කටයුතු කරනු ඇති බවත් ඇය පවසයි. එසේම සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිවාසිකමද ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදී සහ සියල්ල එක් වූ පාලනයක් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සියලුම පක්ෂ වෙත ඉල්ලීම් කරන බවත් ඇය පවසා සිටියි.

එක්සත් ජනපදයේ තානාපතිනී ජූලි චන්ග් මහත්මියද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පවසා තිබේ.

“මෙම අභියෝගාත්මක කාලයේදී, රටෙහි ආර්ථික අර්බුදය මඟහැරවීම සඳහා සියලුම පක්ෂ එකට එක්ව දෙගුණයක වේගයකින් කටයුතු කිරීම අතිශය වැදගත් වෙනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය සහ වගවීම ඇති කිරීමත්, සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වඩාත් ස්ථාවර සහ සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීමත් වැදගත්.” යනුවෙන්ද ඇය පවසා තිබේ.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩා තානාපති කාර්යාලයද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්, නව ජනපතිවරයාගේ පත්වීම ව්‍යවස්ථානුකූලව සිදුවූවක් බව පවසා තිබේ. එසේම මෙම දූපතේ ජනතාව මුහුණ දී ඇති අසීරුතා මඟහැරවීම සඳහා රට තුළ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා කටයුතු කරන ලෙසද කැනඩාව උනන්දු කරන බවත් පවසා සිටියි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us