ආපු වැඩේ ඉවර නෑ : පෙරටුගාමීන් දිගටම ගෝල්ෆේස් ! Featured

Published in පුවත්
Friday, 05 August 2022 22:13

මේ වන විට නිකුත්කර ඇති පොලිස් නිවේදනය අනුව ගෝල්ෆේස් හී සිදුකර ඇති අනවසර ඉදිකිරීම් සහ වගාවන් ඉවත්කර ගැනීමට අරගලයේ නිරත පාර්ශ්ව එකඟතාව පළකර ඇති බව වාර්තා වෙයි .

කෙසේ වුවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාඩර්වරුන් පමණක් එසේ අනවසර කූඩාරම් ඉවත්කර ගැනීම ප්‍රතිකේෂ්ප කර ඇති බවත් වාර්තා වෙයි.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ගෝල්ෆේස් පිටිය නිදහස් කිරීම සම්බන්ධයෙන් අරගල පාර්ශ්ව සහ රජයේ බලධාරීන් අතරත් නිල - නොනිල මට්ටමේ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත.

එහිදී සියලු පාර්ශ්ව එළඹ ඇති පොදු එකඟතාවක් වී ඇත්තේ , ගෝල්ෆේස් පිටිය ආශ්‍රිත ආර්ථික සහ දේශපාලන වටිනාකම හේතුවෙන් එයින් ඉවත්වීම ගැටලුවක් නොවන බවය.

විශේෂයෙන් මෙරට තරු පන්තියේ හෝටල් රැසක් මේ ආශ්‍රිතව පවතී. අරගල බිමේ පෙර පැවති සාමකාමී ස්වභාවය පසුගිය මන්දිර අත්පත් කරගැනීමේ කඩාකප්පල් කාරී පිළිවෙත ඉදිරියේ නැතිව ගියේය . ඒ අනුව සංචාරක කර්මාන්තයේ නිරත පාර්ශ්ව සංචාරක අදහස් උපුටා දක්වමින් මේ ප්‍රදේශයේ සාමකාමී තත්ත්වය අපේක්ෂා කර ඇත.

රාජ්‍යයේ දෛනික කටයුතු වලට බාධාවක් !

එසේම දින සිය ගණනකට අධික කාලයක් තිස්සේ ජනාධිපති කාර්‍යාලයේ ප්‍රධාන පිවිසුමක් වූ "ගේට් සීරෝ " අරගලකරුවන් අත්පත් කරගෙන සිටි අතර ඒ හේතුවෙන් විදෙස් රාජතාන්ත්‍රිකයන් 60 කට ආසන්න ප්‍රමාණයක් අක්තපත්‍ර බාරදීමට පවා නොපැමිණ ඇති බවත් වාර්තා වෙයි . ඒ අදාළ තානාපති කාර්‍යාල ආරක්ෂක උපදේශකයන් විසින් පරිශ්‍රයේ ආරක්ෂාව සහතික නොකිරීම හේතුවෙනි.

මේ වන විට අරගලකාර පාර්ශ්ව ගෝල්ෆේස් හී සිදුකර ඇති ඉදිකිරීම් සියල්ල අනවසර ඉදිකිරීම් වෙයි. ඒ අනුව පොලිසිය පසුගියදා නිවේදනය කර සිටියේ , එකී අනවසර ඉදිකිරීම් සහ වගාවන් අද (05) පස්වරු 5:00 ට පෙර ඉවත් කරගන්නා ලෙසය.

සාමකාමී අරගලකරුවන්ට කොළඹ ස්ථාන 3 ක් !

එසේම මේ වන විට රජය විසින් සාමකාමී විරෝධතා සහ අරගලකරුවන් වෙනුවෙන් කොළඹ ස්ථාන 3ක් වෙන්කර දී ඇත.

ගෝල්ෆේස් අරගලයේ නිරත පාර්ශ්ව අති බහුතරයක් එකී ස්ථාන මෙන්ම විරෝධතා දැක්වීමේ ව්‍යවස්ථානුකුල අයිතිය ක්‍රියාවට නංවන බව අවධාරණය කරමින් ගෝල්ෆේස් අනවසර ඉදිකිරීම් ඉවත්කර ගැනීමට එකඟතාව පළකර ඇත.

පෙරටුගාමීන් ආපු වැඩේ ඉවර නෑ ලු !

ඒ අනුව අවසානයේදී ගෝල්ෆේස් හී අනවසර ඉදිකිරීම් සමග රැඳී සිටින්නට තීන්දු කර ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාඩර්වරුන් පමණය.

වාර්තා වන ආකාරයට " මෙතන දාලා කොහේ යන්නද ? කවුරු ගියත් අපි යන්නේ නෑ . අපි ආපු වැඩේ ඉවර නෑ " ලෙස දැඩි ස්ථාවරයක ඔවුන් පසුවෙයි .

පක්ෂ නටන නාඩගම් වලට සිවිල් වැසියන් අහුවෙන්න එපා !

මේ අතර නීති ක්ශේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ , රාජ්‍ය දේපළ අනවසරයෙන් අත්පත් කරගෙන ඇති විට සහ අනවසර ඉදිකිරීම් සිදුකර ඇති විට ඒවා ඉවත් කිරීමේ නෛතික බලය පොලිසිය සතු බවය. එබැවින් රටේ පොදු නීති කැඩීමට කිසියම් පක්ෂයක් තීන්දු කර ඇත්නම් එම පක්ෂයට සහ පොලිසියට ප්‍රශ්නය විසඳාගැනීමට දී සිවිල් වැසියන් එයින් ඉවත් වීම බුද්ධිමත්ම තීන්දුව බවත් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අවධාරණය කරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us