භූමිතෙල් වලට සෘජු මුදල් සහනාධාරයක්

Published in පුවත්
Monday, 22 August 2022 11:39

භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් ලබාදීමට රජය යෝජනා කර ඇති බව අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ට්විටර් පණිවියක් මගින් ඒ බව දැනුම් දුන් අතර ඔහු වැඩි දුරටත් කියා සිටියේ, භූමිතෙල් මිල සංශෝධනය වසර ගණනාවක් තිස්සේ අත්‍යවශ්‍යව තිබූ දෙයක් බවය.

කෙසේ නමුත් භූමිතෙල් සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මක නොකර ඒ වෙනුවට මුදල්මය දීමනාවක් සහනාධාර අවශ්‍ය කණ්ඩායම් වෙත ලබාදීම වඩා නිවැරදි තීරණයක් ලෙස සැලකිය හැකිය. එමඟින් ඉන්ධන සහනාධාරයේ වාසිය අයුතු ලෙස අතපත් කරගැනීමට තිබෙන අවස්ථා අහෝසි වෙනු ඇත.

පසුගිය මාස කිහිපයෙහි පැවැති ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යෑම නිසා ඩීසල් සහ පෙට්‍රල් සමඟ භූමි තෙල් මිශ්‍ර කිරීම බහුලව සිදු විය. ත්‍රීවීල්, බස් රථ සහ බෝට්‍ටු සඳහා භුමීතෙල් මිශ්‍රණයක් ලෙස යොදාගැනීම වැඩි වශයෙන් සිදුව තිබේ.

එමෙන්ම ගෑස් හිඟය නිසා භූමිතෙල් වලින් ඉවීමේ කටයුතු වලට මාරුවීමද දකින්නට ලැබිණි. මේ තත්වයන් නිසා මෙරට භුමීතෙල් පාරිභෝජනය වැඩි වී තිබිණි. දිනක අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 500 ට වඩා අඩු මට්ටමක තිබුණු අතර පසුව එය මෙට්‍රික් ටොන් 600 ඉක්මවා ගියේය. මේ තත්වය මත භූමිතෙල් අඩු මිලක් යටතේ ලබා දීම මත තෙල් සංස්ථාව ඒ වෙනුවෙන් ලබන පාඩුව ඉහළ යෑමට හේතු වී තිබිණි.

මේ අතර ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීම සඳහා එක් ප්‍රධාන හේතුවක් ලෙස අමාත්‍යවරයා ද සඳහන් කරන්නේ භූමි තෙල් සහන මිලට සැපයීම බවයි.

ඊයේ(21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 87ක මුදලේ සිට රුපියල් 340ක් දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.

ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල පැවති මිලට සාපේක්ෂව රුපියල් 253 ක මුදලකින් භුමිතෙල් මිල ඉහළ ගොස් ඇත.

Last modified on Monday, 22 August 2022 11:42

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us