රනිල් බලපෑම් කිසිවක් නොතකයි - වසන්ත දින 90 ක් ඇතුළට

Published in පුවත්
Monday, 22 August 2022 16:17

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය ලැබී ඇතැ යි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව පවසනවා.

පසුගිය 18 වැනි දා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ පැවැත්වූ විරෝධතාවක් අතරතුර වසන්ත මුදලිගේ ඇතුළු 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර, වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා හැර සෙසු 15 දෙනා පසුගිය දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ව ඇප මත මුදා හැරුණා.

එක් අයෙකු ලබන 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යි අධිකරණය නියෝග කළේ.

වසන්ත මුදලිගේ ඇතුළු තුන් දෙනා පැය 72ක රැඳවුම් නියෝග යටතේ පළමුව රඳවා ගැනුණු අතර, ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතියට යටත් ව ඔවුන් දින 90ක් රඳවා තබා විමර්ශනය කෙරෙනු ඇති.

කෙසේ නමුත් මෙම පිරිස රඳවුම් නියෝග යටතේ රඳවා ගැනීම සිදු නොකළ යුතු බවට විශාල බලපෑමක් ජනාධිපතිවරයාට එල්ල වී තිබුණා.

විශේෂයෙන්ම යුරෝප සංගමය ඇතුලු ජාත්‍යන්තර සංවිධාන ගනනාවක් මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබුණා.. එහෙත් ඒ කිසිවක් නොතකා ආරක්ෂක ඇමැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාල නිය්යොගවලට අත්සන් තැබීම සිදුකර තිබෙනවා.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us