පාසල් දරුවන් ලක්ෂ 18කට පෝෂ්‍යදායි බත්වේලක්

Published in පුවත්
Wednesday, 14 September 2022 15:39

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් ඇමරිකන් ඩොලර් මිලියන 27ක් පාසල්වල ප්‍රාථමික අංශවල ‌පාසල් දරුවන්ගේ පෝෂණය තහවුරු කිරීමේ වැඩපිළිවෙළකට ලබාදීමට එකඟතාවය පළ කර තිබේ.

මෙම වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (13) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැත්විනි.
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය මෙන්ම ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ඒකාබද්ධව පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත දිවා ආහාර වේලක් ලබාදීමට සැළසුම් කර ඇත.

පාසල් දරුවන්ගේ පෝෂණය නැංවීම සඳහා ෆොලික් අම්ලය, යකඩ හා විටමින් අන්තර්ගත කර සබලකෘත බත්වේලක් ( Fortified Rice) මෙම දිවා ආහාරය සඳහා ලබාදීමට නියමිතය.

ඒ අනුව එක් පාසැල් දරුවෙකුට දිනකට ග්‍රෑම් 75ක බත්වේලක් ලබාදීමට නියමිතය.
මෙම බත් වේල ලබාදෙන සියලුම දරුවන්ට දිනකට බිත්තරයක් බැගින් ලබාදීමටත් පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සාකච්ඡාවට සහභාගි වූ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

පාසල් දරුවන්ගේ පෝෂ්‍යදායී ආහාර වේළ සඳහා දිනකට අවශ්‍ය සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 82ක් ලෙස ගණන් බලා ඇති අතර එම සහල් ප්‍රමාණය වී අලෙවි මණ්ඩලය මගින් ලබාදීමට ද අමාත්‍යවරයා එකඟත්වය පළ කළේය.

මේ වන විට පාසල් දරුවන් අතරේ මන්දපෝෂණ තත්වය වැඩි වෙමින් පවතින බවට සමීකෂණය කෙරී ඇති අතර ඒ මැඩ පැවැත්වීම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය පි‍ටුවහලක් වෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us