ජවිපෙ රඟපු අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීමට ජනපති සැරසෙයි    

Published in පුවත්
Tuesday, 27 September 2022 15:37

කොළඹ නගරයේ විශේෂ මර්මස්ථානයන් කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයාබලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නීතිපතිවරයා වෙත උපදෙස් දී ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග තහවුරු කරයි.

අධි ආරක්ෂිත කලාප නම් කිරීමත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ අනු බද්ධ සමාජවාදී තරුණ සංගමය ඊට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද දියත් කළ අතර එහිදී පොලිසිය විසින් 84 දෙනෙකු අත් අඩංගුවට ගෙන පසුව නිදහස් කර තිබිණි. මෙම අත් අඩංගුවට ගැනීමට එරෙහිවද ජවිපෙ විරෝධය පළ කරමින් විශාල ප්‍රචාරක මෙහෙයුමක් දියත් කළ අතර දෙවන අරගලය ඔවුන් විසින් ආරම්භ කරන බවට ද සහතිකයක් ජනතාවට දී තිබිණි..

කෙසේ නමුත් මෙම සිදුවීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සමඟ ජවිපෙ පවතින මිත්‍රත්වය නිසා ජවිපෙ ප්‍රචාරක කටයුත්තක් වෙනුවෙන් නිර්මාණය කරන ලද සිදුවීමක් බවටද සමාජ මාධ්‍ය තුළ අදහස් ප්‍රචාරය විය. ජවිපෙට තිබු සමාජ ආකර්ෂණය පසුගිය කැරලි සමයේදී ඔවුන්ට අහිමිව පෙරටුගාමී පක්ෂයට හිමිව තිබීම මෙයට හේතුව යැයිද කියැවිණි.

කෙසේ නමුත් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් විසින් ඉදිරිපත් කළ කරුණු හා නිර්දේශයන් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබිණි.

එහෙත් මෙම ගැසට් පත්‍රය හේතුවෙන් කොළඹ නගරයේ කේන්ද්‍රීය ආර්ථික කලාපය තුළ ව්‍යාපාර ක්‍රියාකාරකම් සඳහා දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවට ආර්ථික විශේෂඥයින් කණ්ඩායමක් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකර තිබේ.

කොළඹ නගරය තුළ වරින් වර ඇතිවන උද්ඝෝෂණ නිසා ආර්ථිකමය වශයෙන් සිදුවන හානිය ඉතා ඉහළ බවත්, නමුත් මෙම අධි ආරක්ෂිත කලාප නම් කිරීම හරහා වෙනත් ගැටළ් ඇතිවිය හැකි බවත් එම විශේෂඥ කණ්ඩායම පෙන්වා දී තිබේ.

ඒ අනුව මෙම අධිආරක්ෂිත කලාප ඉවත් කොට ඒ වෙනුවට බුද්ධි අංශ සම්බන්ධිකරණය කරගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

කෙසේ වෙතත් මෙම ගැසට් නිවේදනය අවලංගු කිරීමට නම් ජනාධිපතිවරයාගේ අත්සනම යෙදිය යුතු බැවින් ජපාන සංචාරය අවසන් වී ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් අනතුරුව මෙය සිදුකිරීමට නියමිතය.

Last modified on Tuesday, 27 September 2022 15:39

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us