ජනතාවගේ ගැටළු විසැඳීමට ගෙන ආ ජාතික සභාවත් විපක්ෂය මඟ හරී

Published in පුවත්
Tuesday, 27 September 2022 16:18

පසුගියදා පාර්ලිමේන්තුවේදී යෝජනාවකින් සම්මත කරන ලද ‘ජාතික සභාව’ කාරක සභා සමාරම්භක රැස්වීම ලබන 29 වැනිදා පෙ.ව 10.30 ට පාර්ලිමේන්තුවේදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ යෝජනාවක් අනුව ස්ථාපිත කෙරුණු පිළිගත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ‘ජාතික සභාව’ සඳහා දැනට නම් ලබා දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායකවරයා පාර්ලිමේන්තුවට පසුගිය 23 වැනිදා ඉදිරිපත් කළේය.

ඊට සාමාජික මන්ත්‍රීවරු 35දෙනෙක් ඇතුළත් වෙති.

ජාතික සභාව නියෝජනය කිරීමට මෙසේ පත් කරනු ලැබ සිටින්නේ ඩග්ලස් දේවානන්දා, නසීර් අහමඩ්, ටිරාන් අලස්, සිසිර ජයකොඩි, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රවුෆ් හකීම්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, වජිර අබේවර්ධන, ඒ.එල්.එම්. අතාවුල්ලා, මහාචාර්ය තිස්ස විතාරණ, රිසාඩ් බදියුදීන්, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, පලනි දිගම්බරම්, මනෝ ගනේෂන්, උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ජීවන් තොණ්ඩමන්, ජී.ජී. පොන්නම්බලම්, අතුරලියේ රතන හිමි, අසංක නවරත්න, අලි සබ්‍රි, සී.වී. විග්නේෂ්වරම්, වීරසුමන වීරසිංහ, සාගර කාරියවසම් යන මන්ත්‍රීවරු 27 දෙනා වෙති.

මේ සඳහා ජවිපෙ දෙමළ සන්ධානය සහ සමගි ජනබලවේගය මෙතෙක් ඊට සිය සාමාජිකයන් නම් කොට නැත.

රට මුහුණ දෙන ගැටළු හමුවේ ඊට නිසි පිලියම් සාකච්ඡා කර සාමුහික තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් මෙම ජාතික සභාව නම් කාරක සභාව නිර්මාණය කර තිබේ. එය ජනතාවගේ ඉල්ලීමක් විය. සියලු දෙනා එකතුව රට මුහුණ දෙන ප්‍රශ්නවලින් ජනතාව ගලවාගැනීමට පාර්ලිමේන්තුව පෙරමුණ ගත් යුතු බව සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් වෘත්තිකයන් පූජ්‍ය පක්ෂයෙන් පවා ඉල්ලීම් ඉදිරිපත් විය.

එහෙත් විපක්ෂය නියෝජන කරන මෙම පක්ෂ ඊට සම්බන්ධ නොවීමෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් රටේ අභිවෘද්ධියට වෙනුවෙන් සේවය සැපයීමට සූදානම් නැති බවය.

ඔවුන් දිගින් දිගටම පෙනී සිටින්නේ තමන්ගේ පක්ෂයේ බලය වැඩි කරගැනීම වෙනුවෙන් මහ මැතිවරණයකි. මේ මහ මැතිවරණයක අවශ්‍යතාවයක් පවතින මොහොතක් නොවන බව පැහැදිලි කරුණකි.

ජනතාව මුහුණ දෙන බරපතල පීඩාවෙන ඔවුන් නිදහස් නොකර තව දුරටත් ඔවුන් බිල්ලට යවමින් මේ පිරිස් කරන දේශපාලනය තවදුරටත් රටට අවශ්‍යද යන්න ජනතාව තීරණය කළ යුතුය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us