IMF සල්ලි ලැබෙන දිනයක් කියන්න බැහැලු. විපක්ෂ සහය නැතුව ණය ගන්නත් බැරිවෙන හැඩ.

Published in පුවත්
Thursday, 29 September 2022 20:11

ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වූ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලබා දෙන කාලවකවානුව නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කළ නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි මෙරට ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි උපුටා දක්වමින් Nikkei Asia සඳහන් කර ඇත්තේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට කාලය ගතවන බැවින් කාල නියමය පුරෝකථනය කිරීම අපහසු බව ය.

ශ්‍රී ලංකාවට හැකි ඉක්මනින් අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වන පරිදි එම ක්‍රියාවලියට සම්බන්ධ සියලු ම පාර්ශ්ව කඩිනමින් කටයුතු කළ බව ඔවුන් සඳහන් කර තිබේ.

“ණය සහන සාකච්ඡා ක්‍රියාවලිය සඳහා කාලය ගතවන බැවින් කාල නියමය පුරෝකථනය කිරීම අපහසු යි. ඊට සම්බන්ධ සියලු ම පාර්ශව කඩිනමින් තීරණය ගත යුතුයි. එවිට ශ්‍රී ලංකාවට හැකි ඉක්මනින් අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වේවි.”

සැප්තැම්බර් මස මුලදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.9ක ණයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹියේ ය.

ඒ් අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් ලැබීම වෙනුවෙන් මුලිකවම දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ සටහන ගැන ණය හිමියන් සමඟ වන එකඟත්වයන් ප්‍රකාශයට පත් කළ යුතුව තිබේ. ඒ අනුව අරමුදල සමඟ වන තවත් සාකච්ඡා වටයක් පැවැත්වෙනුද ඇත. එසේම මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් වූ වැඩ පිළිවෙල ක්‍රියාත්මක තලයට ගෙන ඒම සිදු විය යුතුය.

පසුගිය 2022 අතුර අය වැය යෝජනාවන් හිදී මෙම ප්‍රතිසංස්කරණයන් කිහිපයක් යෝජනා කර තිබුණු අතර 2023 අය වැය යෝජනාවන්හී තවත් පියවරයන් ගනනාවක් යෝජනා කෙරෙනු ඇත. මේ ආදී කරුණු සම්පූර්ණ වීමෙන් පසුව මුල්‍ය අරමුදලේ ණය පහසුකම් ලැබීම සම්බන්ධයෙන් තහවුරුවක් ලැබෙනු ඇතැයි පැවැසේ. කෙසේ නමුත් මෙම පියවරයන් සාර්ථක කරගැනීමට මෙරට දේශපාලන ස්ථාවරත්වයන් පවත්වාගෙන යෑම වැදගත්ය.

එහෙත් ඊට විපක්ෂ දේශපාලන පක්ෂ වලින් සැලකිය යුතු සහයෝගයක් ලැබෙන බව පෙනෙන්නට නොමැත.මේ ගැටළු නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් නොලැබීම සිදුවුවහොත් රට නැවත දැවැන්ත මුල්‍ය අර්බුදයක් කරා ඇද වැටීම වැලැක්විය නොහැකි වෙනු ද ඇත. මේ තත්වය මත විපක්ෂ සහය නොලැබුණහොත් රට යළි ආර්ථික ස්ථාරත්වයට පත් කරගැනීම අසීරු වෙනු ඇති අතර පුරවැසි ජනතාවට අද විඳින්නට සිදුව තිබෙන පීඩාකාරිත්වය දෙතුන් ගුණයකින් වර්ධනය වීම සිදුවෙනු ඇත.

කොහොම නමුත් පසුගිය සැප්. 23 වන දා පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් ආයෝජකයින්ට ප්‍රකාශ කර තිබුණේ, මෙම වසර අවසානය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය අනුමත කරනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us