මහ කන්නයට රසායනික පොහොර ලැහැස්තියි. බය නැතුව වගා පටන් ගන්න.  

Published in පුවත්
Thursday, 29 September 2022 20:24

මහ කන්නයට අවශ්‍ය පොහොර සැපයුම සම්බන්ධයෙන් සාකච්ඡාවක් කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (29) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මහ කන්නයේ වී ගොවිතැන සහ අනෙකුත් කෘෂිකාර්මික අවශ්‍යතාවන් සඳහා අවශ්‍ය කාබනික සහ රසායනික පොහොර සැපයුම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ගැනිණි.

ඒ අනුව මහ කන්නය වගා කිරිම සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි නිසි කාල වකවානුවලට ලබාගත හැකි ලෙස ඇනවුම් කර ඇති බවත්, ඉදිරියේදී ඒවා වගා කටයුතු සඳහා ගොවීන්ට ලබාදීමට හැකි බවත් එහිදී සඳහන් විය.

ඒ අනුව කිසිදු සැකයකින් තොරව ගොවීන්ට මහ කන්නේ වගා කටයුතු ආරම්භ කළ හැකි බව මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය සමරතුංග, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන නිලධාරීන්, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය නියෝජනය කරමින් එහි නියෝජිතයන් සහ ආහාර පිළිබඳ කෘෂිකර්ම සංවිධානයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us