කංසා අපනයනයට අලුත් නීති හදලා ඉවරයි.

Published in පුවත්
Tuesday, 04 October 2022 09:06

ආයුර්වේද නිෂ්පාදන ලෙස කංසා ගැන නීතිගත කිරීමට අදාළ නීති මේ වන සකස් කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අදාළ නීතී කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිත බවය.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා එම අදහස් පළ කළේය.

"නීතියක් නැතුව එක එක්කෙනාට අවශ්‍ය විදියට නීති වෙනස් කරන්න බෑ. අපේ රටේ විෂ, අබිං, මත්ද්‍රව්‍ය පිළිබඳ පනත් තියෙනවා ඒ පනත්වලට ඒවා පටහැනියි. ඒක නිසා එක එක්කෙනාට ඉබාගාතේ ගංජා සම්බන්ධයෙන් හෝ කංසා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන්න අයිතියක් නෑ. ඒ වගේම රටට හානියක් වෙන්න දෙන්න බෑ. මේවා විනෝදාස්වාදය සඳහා යොදා ගන්න බෑ. මේවායේ අතුරු ප්‍රතිඵල එන්නේ මරුජුවානා විදියට. ඒ නිසා මත්ද්‍රව්‍යවලට තරුණයින් යොමු කරන්න ඉඩදෙන්න, රාත්‍රී සමාජ ශාලාවල මේවා භාවිත කරන්න ඉඩදෙන්න ඒ නීතිය ට අපිට පුළුවන් කමක් නෑ, ආයුර්වේද නිෂ්පාදන විදියට ආයුර්වේදය උපයෝගි කරගෙන ඖෂධ නිෂ්පාදනය කිරීමෙන් අපිට පුළුවන් ඖෂධීය කංසා සහ ඒ නිස්සාරණ ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමකට සපයන්න. ඒ නීති හදලා ඉවරයි. අපි කැබිනට් මණ්ඩලයට මේ දවස් දෙක තුන තුළ ඉදිරිපත් කරනවා."

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us