කැබිනට් මණ්ඩලයට IMF නිලධාරීන්ගෙන් පාඩමක්  

Published in පුවත්
Tuesday, 11 October 2022 09:24

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය පහසුකම පිළිබඳ සහ රටේ ආර්ථිකය හැසිරවීම ගැන අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සිදුකර තිබේ.

ඊයේ (10) පස්වරුවේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයට සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් එම දැනුවත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකමක් ලබාදීම සඳහා මේ වන විට මූලික එකඟතාවයකට පැමිණ තිබේ.

අදාළ මූල්‍ය දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති අතර එහිදී අමාත්‍යවරුන්ට සිය ගැටලු ඉදිරිපත් කිරීමට ද අවස්ථාව හිමිව තිබුණි.

මේ අතර රටේ පවතින ආර්ථික ගැටලුව පිළිබඳව සහ ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතිය තුළ ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කෙසේ නමුත් මේ වන විට රට මුහුණ පා තිබෙන ආර්ථිකමය ගැටලුවලින් මිදීම වෙනුවෙන් දැඩි ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ‍රැසක් සමඟින් දීර්ගකාලීන මෙහෙයුමකට යෑම අනිවාර්ය වී ඇත.

එම තත්වයන් යටතේ මිස ඇතැම් විපක්ෂ කොටස් පවසන පරිදී සාම්ප්‍රදායික ලෙස ගැලරි පිනවන සහන මළු ආර්ථික යෝජනාවන් ක්‍රියාත්මක කළ නොහැක. ජනතාව පීඩාවට පත්ව ඇති නමුත් එයින් ඔවුන්ව මුදවා ගැනීම වෙනුවෙන් කෙටිකාලීන ජනප්‍රිය තීන්දු තීරණ වෙනුවට දිර්ගකාලීනව සාක්ෂාත්වන නිවැරදි වැඩ පිළිවෙල යොජනා කළ යුතුව ඇත. එතෙක් වඩාත් පීඩාවට පත් කොටස් වෙත තාවකාලික සහනයක් පමණයක් ලබා දීම සිදු වෙනු ඇත.

කෙසේ නමුත් පවතින අර්බුදකාරිත්වයෙන් මිදිය හැක්කේ දැඩි ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම මඟින් පමණි. ඒ වෙනුවෙන් කවර දුෂ්කර තත්වයන් හමුවේ වුව සියලු දෙනාටම යම් කැපකිරීමක් කිරීමට සිදු වෙනු ඇත. විපක්ෂ කොටස් සත්‍ය වශයෙන්ම ජනතාව ගැන වගවීමකින් ක්‍රියා කරන්නෙ නම් විය යුත්තේ ඒ සඳහා ජනතාව සූදානම් කරවීමය. එසේම රජය සමඟ සහයෝගයෙන් අවබෝධයෙන් යම් එකඟතාවයන් අනුව කටයුතු කිරීමය.

එහෙත් තවමත් පෙනෙන්න තිබෙන්නේ බාල ලාබ දේශපාලනික වුවමණාවන් වෙනුවෙ කරන තක්කඩි දේශපාලන මෙහෙයුම්ය. ජනතාව වෙනුවෙන් යැයි කියන ලේබලයට මුවා වී මේ කරන තක්කඩි දේශපාලනය යළිත් වටයකින් සිදු කරන්නෙ කබලෙන් ලිපට ඇද වැටී සිටින ජනතාව මතට තවත් පිදුරු දැමීමක් පමණි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us