ජාතික ජන සභා ලේකම් කාර්යාලයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Published in පුවත්
Tuesday, 11 October 2022 14:55
jana sabha sri lanka jana sabha sri lanka

ජන සභා ක්‍රමය ස්ථාපනය කිරීම සඳහා ජාතික ජන සභා ලේකම් කාර්යාලයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

අද (ඔක් 11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, එම ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනෙකුත් තනතුරු සඳහා සුදුසු නාම යෝජනා අමාත්‍ය මණ්ඩලය අනුමැතියට එවන්නැයි ජනාධිපති ලේකම්වරයාට මෙමගින් දැනුම් දෙන බව ය.

ඒ අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී තිබේ.

“මුළු රටේ ම සෑම ග්‍රාම සේවා වසක ම කිසිදු දේශපාලන ආගමික කුල ජාති භේදයකින් තොරව ස්වේච්ඡා ජන සභා ක්‍රමයක් මගින් ඒ ඒ පළාතේ ගැටලු විසඳන්නත් වඩාත් සාධාරණ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් ඇති කරන්නත් මේ තුළින් ඉඩ ලැබෙන බව තමයි කැබිනට් මණ්ඩලයේ සියලු සාමාජිකයින් අදහස් දැක්වූයේ. එහිදී මෙම ප්‍රතිසංස්කරණ කතිකාවතට ඇමතිවරුන්ට ප්‍රථමයෙන් සහභාගි වන්නට අපි අවස්ථාව ඉල්ලා සිටියා. ඒ අනුව, එම සිවිල් සංවිධාන සමග අපි මේ සතිය තුළ ම තවදුරටත් එය ඵලදායීව කාර්යක්ෂම කිරීමට අදාළව සාකච්ඡා පවත්වනවා,” යනුවෙන් බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරට ත් පැවසීය.

ජන සභා ක්‍රමය ස්ථාපිත කිරීම සඳහා මුලික සැලසුම සකස් කෙරෙුණේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය මඟිනි. පසුගිය අරගල සමයේ දී අරගලකරුවන්ගේ ඉල්ලීමක් වූ පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා බලයක් සඳහා වන ඉල්ලීම අනුව මෙම ජනසභා ක්‍රමය හඳුන්වා දෙන ලදී.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us