මිනී කඳු ගොඩගැහෙන දවස් රටට තව අවශ්‍ය නැත. ඊට පෙර ත්‍රස්තයන් මර්දනය කළ යුතුය. Featured

Published in පුවත්
Sunday, 16 October 2022 10:23

ජනතා විමුක්ති පෙරමුණ, පෙර‍ටුගාමී පක්ෂ ඇතුළු තවත් කුඩා කල්ලි කණ්ඩායම් මේ වන විටත් ප්‍රකාශ කර ඇති පරිදි එළෙඹෙන නොවැම්බරය රට ලේ විලක් කරනු ඇත.! එහි නායකයන් මේ බව පැහැදිලිව ප්‍රකාශ කර ඇත.

ආයුධ සන්නද්ධව රාජ්‍යය පෙරළා දමන බව ප්‍රකාශිතය. ඒ සඳහා වන ආරම්භක වෙඩි මුරය ඔක්තෝබර් 27 ජවිපෙ මුලිකත්වයෙන් සිදුවෙනු ඇත. නොවැම්බර 02 වනදා පෙරටුගාමීන් මහා ප්‍රහාරයකට දින වෙන්කර ගෙන තිබේ. සමගි ජන බලවේගයේ සරත් ෆොන්සේකා ඇතුළු කණ්ඩායමද මෙයට සහය පළකරමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදීව නිත්‍යනුකූලව බලයේ සිටින ආණ්ඩුව පෙරෙළා දැමීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ 1971 දි සහ 1987 - 90 කාලය තුළ සන්නද්ධ කැරලි දෙකක් දියත් කර ලක්ෂ ගනනක තරුණ තරුණියන්ගෙ ජීවිත විනාශ කරමින් අදටත් පිරිමහ ගන්න බැරි තරම් රාජ්‍ය දේපොළ විනාශයක්ද සිදු කරනු ලැබීය. එයින් රටටවත් එම කැරලිකරුවන්ටවත් වූ යහපතක නැත. රට දශක ගනනාවකින් ආපස්සට ගිය අතර සමාජය ප්‍රචණ්ඩ, වෛරීසහගත හැඟීම් වලින්, ආකල්ප වලින් පුරවනු ලැබිය. ජන සමාජය තුළ එකිනෙකා අතර තිබියයුතු සාමකාමී පැවැත්ම විනාශකරනු ලැබීය. අදත් මේ නැවත් උත්සහ කරන්නේ එම අසාර්ථක මරිමෝඩ සාහසික කැරලි ගැසීමකටය.

රාජ්‍ය පෙරළා දැමිම සඳහා ගන්නා ත්‍රස්ත්වාදී පැසිට්ස්වාදී උත්සහයන් මර්දනය කිරීම රාජ්‍යය කොහොමත් කරනු ඇත. ඒ සඳහා ඔවුන්ට අයිතියක් ඇත. මෙරට බහුතර ජනතාව ඡන්ද දි පත් කළ ආණ්ඩුවකට ඒ සඳහා තීන්දුවක් ගැනිමේ සුජාත අයිතියක් ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සාමකාමී ජනතාව එය ඉහළින්ම අනුමත කරනු ද ඇත.

දැන් මේ ත්‍රස්ත කැරැල්ල සඳහා දැන හෝ නොදැන සමාජයේ විවිධ කොටස් සම්බන්ධ වීමත් සිදු වෙනු ඇත. කැරලි නායකයන්ගේ වහසි බස් වලට රැවැටී මේ පිටුපස වැටෙන මුග්ධයන් පිරිසක් සිටිය හැකිය. මේ වන විටත් සමාජ මාධ්‍ය මඟින් මේ සඳහා මේ මුග්ධයන් පිරිස පොළඹවමින් තිබේ. එසේම ප්‍රදේශීය මට්ටමින් පිරිස් සංවිධානය කිරීමත් සිදු කර ඇත.

මේ මිනීමරු කැරලිකාරිත්වය අනුමත කරන්න හැක්කේ මුග්ධ මුර්ග ප්‍රජාතන්ත්‍ර විරෝධී පිරිස් වලටය. කොහොම නමුත් මෙය මර්දනය කිරීම සිදු නොවුණහොත් අද රට මුහුණ දී තිබෙන ආර්ථික සමාජීය අර්බුදයන් තවදුරටත් උත්සන්න වෙනු ඇත. යළි දශක ගනනවකට මේ අර්බුදයන්ගෙන් ගැලවිය නොහැකි මහා ආගාධයකට රට වැටෙනු ඇත.මේ ඛේදනීය තත්වය මෙරට සිහිබුද්ධියක් ඇති ජනතාවට අනුමත කළ නොහැක්කකි.ඒ ගැන විවාදයක් නැත.

රටත් ජනතාවත් විනාශ කරන මහා අනතුරක් ඉදිරියේ තිබියදී ඒ වැලැක්වීමට රාජ්‍ය පියවර ගැනීම වෙලාසනම සිදු විය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය පුරවැසියාගේ සාමකාමී නිදහස් ජන ජීවිතය පවත්වා ගැනීම කෙරෙහි එය විය යුතුමය.

ඒ වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස සිහිබුද්ධියක් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අද මේ මුහුණ දෙන අර්බුදයයන්ගෙන් ගැලවීම මිස තවදුරටත් දැන දැනම රට විනාශ කිරීමට ඉඩ නොදිය යුතු බැවිනි.

අනෙක් වැදගත්ම කරණාව රජය පෙරළා දමා මේ කැරලිකරුවන් රාජ්‍ය බලය අල්ලා ගන්න උත්සහ කරන්නෙ කුමන කාරණකටද යන්න පැහැදිලි නැති වීමය. මේ කිසිවකුට අද රට මුහුණ පා තිබෙන අර්බුදයයන් සම්බන්ධයෙන් විසඳුම් නැත. කිසිදු ගැලුවකට විසඳුම් ඉදිරිපත් කිරීමක් කර නොමැත. ජනතාව පීඩාවට පත්ව සිටීම සත්‍යක් නමුදු ඊට පිළියම රාජ්‍යය පෙරළා දැමීම නොවේ. මෙය ළදරු වලිප්පුවකි.

මීට මාස තුන හතරකට පෙර පැවැති ඉතා අසීරු තත්වයන්ගෙන් රට වැසියා මුදා ගැනීමට මේ වන විට රජය සමත්ව තිබේ. තවදුරටත් ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරමින් තිබේ. විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වෙනුවෙන් අවංක මහන්සියක් දරමින් තිබෙන බව ඔප්පුකර පෙන්වා තිබේ. රටේ එකම බලාපොරොත්තුව ඔහු බව මේ වන විට පැහැදිලිය. එය බහුතර ජනතාව පිළි ගන්නා, විශ්වාස කරන සත්‍යයකි. වෙන විකල්ප අහලකවත් නැත.

රට යම් ලෙසකින් හෝ ගොඩගැනිමට ජනාධිපතිවරයා ඇතුලු පාලක පක්ෂය ගන්නා උත්සාහය කඩාකප්පල්කර මේ ත්‍රස්ත කැරලිකාරයන් උත්සහ ගන්නේ තමන්ගේ පාලනයක් බිහිකර ගැනීමට වඩා රාජයේ කටයූ කඩාකප්පල් කිරීමට විය හැකිය. මන්ද ඔවුන්ගේ ගැටළුව රටේ ප්‍රශ්න විසැදුණහොත් ඔවුන්ගේ ත්‍රාඩ දේශපාලනය අවසන් වීම නිසාය.

කොහොම නමුත් ආයුධ සන්නද්ධ ත්‍රස්ත කැරලි මඟින් කිසිසේත්ම රාජ්‍ය බලය පෙරළා දැමීමේ කිසිදු හැකියාවක් නැත. ආරක්ෂක අංශ පොලිසිය මේ මොහොතෙ නිහඩව නොසි‍ටිනු ඇත. එසේම වත්මන් පාලනය මෙවැනි ත්‍රස්ත කැරලිකාරිත්වයන් නොඉවසන බව ද පෙන්වා දී ඇත. එසේම රජයට බහුතර ජනතා සහයත් හිමිවනු ඇත.

මේ නිසා සිදු විය හැක්කේ රට තුළ නිකරුණේ මිනිකඳු ගොඩ ගැසීම පමණය. රටම ලේ විලක් වීම පමණය. සිහිබුද්ධියෙන් යු‍තුව මේ තත්වයන් ගැන අවබෝධ කර ගත යුතුය. අද අවශ්‍ය වන්නේ සියලු දෙනාගේ එකමුතුවෙන් සාමුහිකව අද මුහුදෙමින් තිබෙන අර්බුදය ජය ගැනීම මිසක් යළි දැවැන්ත විනාශයක් කරා රට ගෙන යාම නොවේ.

පෙර අත්දැකීම්, අතීත අත්දැකීම් ගැන මතකයක් තිබෙන නම් මේ ත්‍රස්ත කැරලිකාරිත්වය හැකි මිලක් ගෙවා හෝ මර්දනය කිරීමට සමාජයත් රජයත් සූදානම් විය යුතුමය.!


ප්‍රජාතන්ත්‍රවාදය රැකගනිමු.
ත්‍රාඩ මුග්ධ කුමන්ත්‍රණ වලින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සටන නිදහස් කර ගනිමු.

Last modified on Sunday, 16 October 2022 10:34

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us