ගෝඨා පාලනයේ වැරදි ආර්ථික තීන්දු ගැන සම්පූර්ණ විගණනයක් ඇරැඹේ.! Featured

Published in පුවත්
Thursday, 13 October 2022 09:31

 ඉතිහාසයේ පෙර නොවූ විරූ දැවැන්තම ආර්ථික අර්බුදයට මුල පිරූ ගෝඨාභය රාජපක්ෂ පාලනයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ තීන්දු සම්බන්ධයෙන් සම්පූර්ණ විගණනයක් සිදු කිරීම ජාතික විගණන කාර්යාලය ආරම්භ කර ඇත.

පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය  මේ පිළිබඳව විගණකාධිපතිවරයා වෙත ලබා දුන් නියෝගයට අනුව මෙම විමර්ශණ්‍ය ආරම්භ වන බවත් ඒ සඳහා නියෝජ්‍ය විගණකාධිපතිවරයකු ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් යොමු කර ඇති බවත් විගණකාධිපති ඩබ්ලිව් .පී.සී වික්‍රමරත්න මහතා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

මේ අනුව හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය දීර්ඝ කාලයක් රුපියල් 203ක පවත්වාගෙන යාමට අදාල ව ගත් තීන්දු තීරණ සහ එයින් සිදවූ බලපෑම පිළිබඳවත් ජාක්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ණය මුදලක් ලබා ගැනීමට යාමේ තීන්දුව ප්‍රමාද කිරීමටත් හේතු වූ කරුණු සම්බන්ධයෙන්එයින් ඇතිවූ බලපෑම පිළිබඳවත් පූර්ණ විගණනයක් සිදු කිරීමට නියමිතය. එමෙන්ම මෙම වසරේ ජනවාරි මාසයේදී රටේ විදේශ විනිමය අර්බුදයක් දරුනුව පවතිද්දී ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක බැදුම්කරයට අදාළ මුදල් ගෙවීම පිළිබඳව ගත් තීරණය සහ එහි ප්‍රතිලාභීන් පිළිබඳවද විගණනය කරන ලෙසට ශ්‍රෙෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ශ්‍රි ලංකාව ඉතිහාසයේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අලි සබ්රි හිටපු මහ බැකු අධිපතිවරන් ඇතුළු නිලධාරීන් වගකිවයුත්තන් කරමින් ගොනු කළ නඩුව ඉදිරියට පවත්වාගන යාමට ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළ අතර ඒ අනුව අධිකරණය විගණකාධිතිවරයාට නියෝග කළේ ඉහත අංශ පිළිබඳව විගණනයක් කර ඒ පිළිබඳව අදිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us