රනිල් සමඟ සන්ධානයකට පොහොට්ටුවේ 40 ක් එකතුවන ලකුණු

Published in පුවත්
Monday, 17 October 2022 10:44

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (SLPP) ස්වාධීනව  මන්ත්‍රීවරු 40 පමණ නව දේශපාලන සන්ධානයක් පිහිටුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මෙම මන්ත්‍රීවරුන් අතරට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වැනි කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද ඇතුළත් බව ඩේලි මිරර් පුවත් පත පවසයි.

මේ අනුව මෙම පාර්ශ්වය තවදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වනු ඇති බවත් පැවැසේ. රණසිංහ අමාත්‍යවරයා මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

සමගි ජනබලවේගයෙන් (SJB) ආණ්ඩුවට එක් වූ ඩයනා ගමගේ, අරවින්ද කුමාර වැනි මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙම නව සන්ධානය සමඟ එක්වනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නායකත්වයෙන් මේ වන විටත් ආණ්ඩුවෙන් වෙන්ව කටයුතු කරයි. එමෙන්ම ආණ්ඩුවෙන් ස්වාධීනව සිටින බව කියන පිරිසකුත් සිටී.

Last modified on Monday, 17 October 2022 10:45

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us