පොහොට්ටු එජාප සන්ධාන කතාව බැසිල්ගේ ප්ලාන්ට් එකක්

Published in පුවත්
Monday, 17 October 2022 20:25

ඉදිරි මැතිවරණයට එක්ව තරග කිරීමට රනිල් - බැසිල් එකඟතාවයක් යනුවෙන් පළවන පුවත් සාවද්‍ය බව විශ්වාසදායක කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු උපුටා දක්වමින් එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ එවැනි කිසිදු එකඟතාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර ඇතිව නැති අතර , එම පුවත ජනතාව නොමග යැවීමට කිසියම් පාර්ශ්වයක් හිතාමතා නිර්මාණය කර තිබෙන්නක් විය හැකි බවය.

කෙසේ වුවත් අදාල දුරකතන සංවාදයේදී 22 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ ඇති ද්විත්ව පුරවැසි භාවයට එරෙහි වගන්තිය සම්බන්ධයෙන් සංශෝධනයක් සඳහා ජනාධිපතිවරයාට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි .

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිචාරය වී ඇත්තේ පුද්ගලිකව තමා ඊට එකඟ නොවන බවත් අදාළ තීන්දුව ගැනීම පාර්ලිමේන්තුවේ කටයුත්තක් බවත්ය.

එබැවින් ඒ පිළිබඳ විමසීම පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කර තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

කෙසේ නමුත් පොහොට්ටුවේ බැසිල් පාර්ශ්වය යළි ප්‍රසිද්ධ දේශපාලන කටයුතු ආරම්බ කරමින් ජන රැළි පැවැත්වීමට තීන්දු කළත් එල්ලවන මහජන විරෝධය හමුවේ තවදුරටත් පොහොට්ටුව ලෙස හෝ රාජපක්ෂවරු ඉදිරියට දමාගෙන දේශපාලනය කිරීමේ පහසු හැකියාවක් නොමැති වීම තුළ එක්සත් ජාතික පක්ෂය සමඟ වන සන්ධානයක් ගොඩනාඟා ගැනීමේ  උත්සාහයක් ගනිමින් තිබේ.

මේ අතර බැසිල් රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කර ගැනීමේ උත්සාහයක්ද ක්‍රියාත්මක වන බවට පුවත් පළ වූවද එයද කැබැලි වෙමින් පවතින පොහොට්ටුව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පැලකරන ලද තවත් සාවද්‍ය පුවතක් බවත් හෙළිව තිබේ. මේ වන විටත් පොහොට්ටුව නියෝජනය කරන මැති ඇමැතිවරුව ගනනාවක්ම එයින් ඉවත් වී වෙනම එජාපය සමඟ දේශපාලන සන්ධානයකට පැමිණීමේ කැමැත්ත පළ කරද තිබෙන බවත් වාර්තා වී තිබේ.

Last modified on Monday, 17 October 2022 20:28

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us