පොහොට්ටුව සුළු පිරිසක් වෙලා.. ලේකම් සාගර කාරියවසම් කියයි.

Published in පුවත්
Monday, 24 October 2022 13:51

පොදුජන පෙරමුණ මේ වන විට කොටස් කීපයකට කැඩී වෙන්වී ඇති බවත් තමන් සමඟ එකතුවිය හැකි සුළු පිරිසක් සමඟ හෝ පක්ෂය නැවත ගොඩනගන බවත් එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.

බැසිල් රාජපක්ෂ නිසා නොව ජනාධිපතිවරයා පත්කිරීම, ආණ්ඩු පක්ෂයේම අමාත්‍යවරයෙකු ගෙනෙන ව්‍යවස්ථා සංශෝධනයක් වීම ඇතුළු කරුණු ගණනාවක් මත විසි එක් වැනි සංශෝධනය පිළිබඳ දැඩි මතයකට ඒමට පොදුජන පෙරමුණට නොහැකි වූ බවත් ඒ නිසා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට තම තමන්ගේ හෘදය සාක්ෂිය මත 21 සංශෝධනය ගැන තීරණ ගැනීමට නිදහස දී තිබුණු බවත් පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් නෙක්ස්ටීවී මාධ්‍ය ආයතනයට පවසා ඇත.

රටේ මූලික නීතිය පිළිබඳ මෙවැනි වැදගත් සංශෝධනයකදී පක්ෂයකට ස්ථිර මතයක් නොමැති වීම දේශපාලනිකව අර්බුදයකට යාමක් නොවේදැයි කළ විමසුමට පිළිතුරු දුන් කාරියවසම් මහතා කීවේ දේශපාලන න්‍යායානුකූලව එය වැරදි යැයි තමන් පිළිගන්නා බවය.

පොහොට්ටුවේ සිටි ඇතැමුන් 17 ,18, 19 ,20 වැනි ව්‍යවස්ථා සංශෝධනවලදී දී ඡන්දය දුන් ආකාරය ඉතාම බඩගෝස්තරවාදී යැයි ද ප්‍රකාශ කළ ඒ මහතා ඔවුන් සමඟ දේශපාලනය කිරීම ගැන සිතා බැලිය යුතුව ඇතැයි ද කීවේය.

මේ ප්‍රශ්න මත පක්ෂය දෙකට තුනට වෙන්ව තිබීම ගැන කළ විමසීමට පිළිතුරු දුන් කාරියවසම් මහතා පක්ෂය එකමුතුව ඉන්නවා යැයි බොරු කීමට අවශ්‍ය නැති බවත් පොදුජන පෙරමුණ මේ වන විට කොටස් කිහිපයකට වෙන්වී ඇති බවත් කීවේය. තම අභිප්‍රාය පක්ෂයේ ප්‍රමුඛ ප්‍රතිපත්තිය වන ජාතික ආර්ථිකයක් ගොඩනැංවීම යන තේමාව යටතේ එකට එකතු විය හැකි සුළු හෝ පිරිසක් සමග පක්ෂය යළි ගොඩනැගීම බවද ප්‍රකාශ කළ ඒ මහතා එහි නව නායකත්වය අනාගතයේ තීරණය වනු ඇති බවද කීවේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us