දකුණු ආසියාවේ ප්‍රථම ඩිස්නිලන්තය හම්බන්තොටට  

Published in පුවත්
Monday, 24 October 2022 09:43

දකුණු ආසියාවේ ප්‍රථම ඩිස්නිලන්තය හම්බන්තොට ඉදිකිරීමට අදාළ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ලබන මාසයේ අමෙරිකාවට බලා පිටත් වීමට නියමිතය.

වෝල්ට් ඩිස්නි සමාගමේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 18 ක ආයෝජනයක් සඳහා මූලික සැලසුම් සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යවරිය ලබන මාසයේදී එක්සත් ජනපදයේ බර්බෑන්ක් වෙත යෑමට නියමිත් බව ගමගේ මහත්මියගේ මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

වෝල්ට් ඩිස්නි සමාගමේ ආයෝජක සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇලෙක්සියා එස්. ක්වඩ්‍රානි විසින් ඇයට මේ සඳහා ආරාධනා කර ඇත. රාජ්‍ය අමාත්‍යවරිය මීට පෙර වෝල්ට් ඩිස්නි සමාගමට ලිඛිතව ලිඛිතව ශ්‍රී ලංකාවේ ඩිස්නිලන්තයක් පිහිටුවීමට ආරාධනා කර තිබිණි.

"ඔබගේ ඉල්ලීමට අනුව, හම්බන්තොට ප්‍රාදේශීය ඩිස්නිලන්තයක් පිහිටුවීමේ මූල්‍ය ශක්‍යතා අවබෝධ කර ගැනීම සඳහා ගවේෂණාත්මක රැස්වීම් මාලාවක් පැවැත්වීමට වෝල්ට් ඩිස්නි සමාගමේ අපි මේ වසරේ නොවැම්බර් මස අගදී ශ්‍රී ලංකාවට පැමිණීමට එකඟ වී සිටිමු" යනුවෙන් ක්වාඩ්‍රානි ලිපයක් ඒවමින් දන්වා තිබේ. ඒ අනුව රාජ්ය ඇමතිනිය මෙම වසරේ නොවැම්බර් මාසයේදී ඩිස්නි වෙතින් නියෝජිත පිරිසක් අපේක්ෂා වෙන් පසුවේ.

මත්තල ගුවන් තොටුපළ ඇතුළු ප්‍රදේශයේ පවතින විශාල යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගැනීමට මෙවැනි ආයෝජනයක් ප්‍රයෝජනවත් වනු ඇතැයි ද රාජ්‍ය අමාත්‍ය ගමගේ මහත්මිය පවසයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us