ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් සොයයි.  

Published in පුවත්
Sunday, 30 October 2022 14:17

ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් සෙවීමේ වැඩපිළිවෙලක් ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇතැයි දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ගේ උපන්දින හා විදේශ ගමන් බලපත්‍ර අංක පාර්ලිමේන්තුව මඟින් ලබාගෙන ඒ හරහා ඔවුන්ට ද්විත්ව පුරවැසිභාවය හිමිදැයි පරීක්ෂා කිරීමට ඔවුන් සූදානම් වේ. ද්විත්ව පුරවැසියභාවය හිමි මන්ත්‍රීවරුන් කව්දැයි සොයා බලන ලෙස රජයෙන් කළ ඉල්ලීමට පිළිතුරු ලෙසින් දෙපාර්තමේන්තුව මෙම වැඩපිළිවෙල ආරම්භ කර තිබේ.

මේ වන විට ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන් දහදෙනෙක් සිටිනා බවට තොරතුරු හෙළිදරව් වී ඇතත් ඔවුන් කව්දැයි තවමත් හඳුනා නැත.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ සේවය කළ නොහැකි යැයි යම් කෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළහොත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත එම මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තීරණ ගන්නා බවයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us