ජනාධිපති මන්දිරේ හදන්න කෝටි 36ක මහජන මුදල් වැය කෙරෙයි !

Published in පුවත්
Sunday, 30 October 2022 14:31

මුවදොර පිටියේ පැවැත්වුණු අරගලය අතරතුරේදී අත්පත් කරගත් ජනාධිපති මන්දිරයට සිදු වූ අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 364.8ක් වැයවන බවට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇස්තමේන්තු ගත කර ඇත.

මෙම වියදම්වලට ගොඩනැඟිල්ලේ අලුත්වැඩියා ද අයත්ව ඇතත් හානියට පත් ලීබඩු, ශාරීරික යෝග්‍යතා මධයස්ථානයේ භාණ්ඩ හා වාහන ඇතුළත්ව නැති බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. එමෙන්ම මිළ කළ නොහැකි ඓතිහාසික චිත්‍ර ගනනාවක්ම අරගලකරුවන් වෙතින් හානියට පත්ව තිබිණි.

මෙම අලුත්වැඩියා කටයුතු සඳහා මහජන මුදල් යෙදවීමට සිදුවෙන බව ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු ප්‍රකාශ කර තිබේ.

ඉංජිනේරු සංස්ථාව සඳහන් කරන අන්දමට අලුත්වැඩියා කටයුතු අදියර දෙකක් යටතේ සිදුකෙරන අතර පළමු අදියරේ දී විසිත්ත කාමර ආදී අලංකාර ස්ථාන හා අනෙකුත් විශේෂ කටයුතු සිදුකෙරෙන ස්ථාන ප්‍රතිසංස්කරණ කෙරෙන අතර දෙවැනි අදියරේදී කාර්යාල කාමර හා නිදන කාමර ප්‍රදේශ අලුත්වැඩියා කෙරෙනු ඇත. මේ වන විටත් කඩා බිඳ දමන ලද ප්‍රධාන ගේට්ටු, දොරවල් ආදිය අලුත්වැඩියා කරමින් තිබේ.

Last modified on Sunday, 30 October 2022 14:31

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us