මර්දනය කරනවා නම් සජබෙ එනවාලු බේරගන්න, බය නැතිව අරගල කරන්නලු

Published in පුවත්
Wednesday, 23 November 2022 21:33

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුව හමුවේ කළ ප්‍රකාශයට පිලිතුරක් ලෙස සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කර තිබේ. මේ නිවේදනයෙන් පැහැදිලි කරන්න යත්නදරන්නේ කුමක්ද යන්න එතරම් පැහැදිලි නැත.

එසේ නමුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කළ කරුනු සජිත් ප්‍රේමදාසට වැටහී නැති බව නම් පැහැදිලිය. ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජනතා අරගල මර්දනය කරන බව නොවේ. අරගලයට මුවා වී කරන ප්‍රචණ්ඩ කැරලි මර්දනය කරන බවය. කරන අරගලයක් නීතියට අනුකූලව අනෙකාට පීඩාවක් නොවන ලෙස කළ යුතු බවය. ඒ කියන්නෙ සාමකාමීව කර ගන්නා දෙයක් කර ගන්න ලෙසය.

කොහොම නමුත් සජිත් සගේ නිවේදනය අනුව අරගල මර්දනය කරනවා නම් සජබෙ එය බේරාගන්න ඉදිරිපත් වන නිසා බය නැතිව අරගලකරන්න කියන පණිවිඩය ලබා දී ඇත.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

මේ රටේ පුරවැසියන් ඉලක්ක කොටගෙන ජනාධිපතිවරයා අද අතිශයින්ම බියගුළු සහ ගෝත්‍රික පන්නයේ ප්‍රකාශයක් කරන ලද අතර එකී ප්‍රකාශය ඒ ප්‍රකාශයටම උරුම පිළිකුලෙන් යුතුව බැහැර කරමි.

◼️ජනතා අරගලය ඉදිරිපිට පරාජයට පත්ව පසුබැස ගිය රාජපක්ෂලා අතින් සුරක්ෂිතව ගත් යතුර උපයෝගී කරගෙන බලය ලබාගත් ජනාධිපතිවරයා ඉතා නින්දාසහගතව, එකී බලයට මුවාවී කරන ලද අන්තනෝමතික ප්‍රකාශයක් ලෙස එය සැලකිය හැක.

◼️අරගල කළේ මේ රටේ පුරවැසියන් යන අතර,යම් හෙයකින් අනාගතයේ අරගල කරන්නේත් මේ රටේ පුරවැසියන් ය.ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ එහෙම අරගල කරන මේ රටේ පුරවැසියන් මර්ධනය කරන බවය.

◼️රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව විසින් අපේ මාතෘභූමිය අඳුරු අගාධයක් වෙත තල්ලු කරමින් ගිය අන්තනෝමතික හිතුවක්කාරී පාලන තන්ත්‍රයට එරෙහිව පක්ෂ පාට බේද නොසලකා මේ රටේ පුරවැසියන් එක්ව සිදුකළ අරගලය කෙලවර වූයේ දුර්ධාන්ත ආණ්ඩුවක් තීරණාත්මක පරාජයකට තල්ලු කරමිනි.

එහි ප්‍රතිඵලය වූයේ ජනාධිපති ,අගමැති ප්‍රමුඛ බලසම්පන්න ආණ්ඩුව වෙනස් වී නව ජනාධිපතිවරයෙක් ප්‍රමුඛ ආණ්ඩුවක් නිර්මාණය වීමය.එහෙත් එය සිය පසුබැසීමෙන් පසුව රාජපක්ෂලා ප්‍රාර්ථනා කළ වෙනසක් වූ අතර වර්තමාන ජනාධිපතිවරයා ඉටු කරන්නේ ඒ ප්‍රාර්ථනාවය.

◼️මේ රටේ පුරවැසි ජනතාවගේ අනුමැතියෙන් තොරව නිර්මාණය කරගත් විකෘති ආණ්ඩුවක දොරටුපාල මෙහෙවර එය වන අතර ඔහු ඉටුකරමින් සිටින්නේ ඒ කාර්‍යය ය.

◼️කිසිදු ජනතා කැමැත්තකින් තොරව පස්සා දොරෙන් බලයට පත් ව ආර්ථික ඝාතකයන් රැළකගේ රැකවරණය ලබමින් සිදු කරන බියගුලු ප්‍රකාශ වලට මේ රටේ පුරවැසියන් බිය වෙතැයි ජනාධිපතිවරයා කල්පනා කරනවානම් ඔහුට සිහිපත් කළ යුත්තේ මීට මාස කිහිපයකට පෙර සිදුවූ දේශපාලන පෙරළිය නැවත විමසා බලන ලෙසට ය.

◼️ජනතා කැමැත්ත පිළිබඳව හෝ ජනතා පරමාධිපත්‍ය පිළිබඳව විශ්වාස නොකරන ෆැසිස්ට් පන්නයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මේ ප්‍රජාතන්ත්‍රවාදී රට තුල ඉඩ නොලැබෙන බවත්,එවැන්නක් උදෙසා ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයක් ලත් තැනම ආපහු හැරවීමට සමගි ජනබලවේගය කොන්දේසි විරහිතව පෙරට එන බවත් සහතික කරමු.

◼️ ආර්ථිකමය වශයෙන් විනාස වු රටක එම පිඩනය දරාගත නොහැකි පුරවැසියන් ඊට එරෙහිව නැගි සිටින විට ඔවුන් මර්දනය කරමින් ආර්ථිකය විනාශ කළ ආර්ථික ඝාතකයන්ගේ රැකඩයක් බවට වත්මන් ජනාධිපතිවරයා පත් ව ඇති නමුත්,මේ රටේ පුරවැසියන් එවැනි රූකඩ නොවන බවද අවධාරණය කරමු.

◼️ආර්ථික ඝාතකයින්ට උත්තමාචාර පිරිනමා ඔවුන්ව රතු පලස් උඩින් පිලිගන්නා ජනාධිපතිවරයා, අප්‍රමාණ දුක් පීඩාවන් උහුලමින් සිටින ජනතාවට ලබා දෙන්නට යන්නේ මර්ධනය බව ඔහුගේ වියරු ප්‍රකාශයෙන් සහ හැසිරීමෙන් ගම්‍ය වන අතර එවැනි තර්ජන හෝ ගර්ජන අප මායිම් නොකරන බව ද අවධාරණය කරමු.

◼️විකෘති ආණ්ඩුවක නායකයෙකුගෙන් බලාපොරොත්තු විය හැක්කේ මෙවැනි බියගුළු ප්‍රකාශ වන අතර රටේ සමස්ත ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි වියරු සහ විසුළු සහගත ප්‍රකාශ මෙන්ම හැසිරීම් මායිම් නොකරන ලෙසට ය.

◼️ලාංකේය ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාසයේ ද නව පරිච්ඡේදයක් සටහන් කරමින් අතිශය විනයගරුක ලෙසත්,ස්වාර්ථය වෙනුවට පරාර්ථකාමීත්වය පිරුණු අපේක්ෂාවන්ගෙන් යුක්තවත් අපේ රටේ පුරවැසියන් අරගල කළ බවත් එවැනි පුරවැසියන්ට එරෙහිව නැගෙන ඕනෑම තර්ජනයක් ඉදිරියේ ජනතාව ආරක්ෂා කරන පළිහ බවට සමගි ජන බලවේගය පත්වන බවත් අවධාරණය කරමු.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us