සංචාරකයින් 2,000 ක් රැගත් දැවැන්ත මගී නෞකාවක් කොළඹට  

Published in පුවත්
Tuesday, 29 November 2022 13:01

දෙදහසකට වැඩි මගීන් සංඛ්‍යාවක් සහ 900 ක කාර්ය මණ්ඩලයක් සමඟින් ‘Mein Schiff 5’ අධිසුඛෝපභෝගී මගී නෞකාව අද (29) පෙරවරුවේ දී කොළඹ වරායට සේන්දු වී තිබේ.

Mein Schiff 5 යනු ජර්මනියේ TUI cruises සමාගමට අයත් මගී නෞකාවකි.

මෙය ශ්‍රී ලංකාවට පැමිණීමේ දී එහි සියලු සම්බන්ධීකරණ සහ සංවිධාන කටයුතු Aitken Spence සමූහයේ පාලිත සමාගමක් වන Hapag Lloyd Lanka විසින් සිදුකරන ලදී. Hapag Lloyd Lanka, TUI cruises හි නියෝජිත ආයතනයක් ද වේ.

අද (29) දිනයේ දී කොළඹට සේන්දු වූ මෙම මගී නෞකාව හෙට (30) දිනයේ දී හම්බන්තොට වරායේ නැංගුරම්ලෑමට නියමිතය.

මෙම නෞකාවෙන් මෙරටට පැමිණි සංචාරකයින් අද සහ හෙට දින දෙක තුළ රට තුළ සංචාරය කිරීමට නියමිත අතර කොළඹ නගරය, කැලණි විහාරය, මුතුරාජවෙල හා මාදු ගඟේ බෝට්ටු සවාරි, එයාර් ටැක්සි මගින් සීගිරිය වෙත, ගාලු නගරය යනාදී සංචාරක ගමනාන්තයන් වෙත සංචාරය කරනු ඇත.

එයිට්කන් ස්පෙන්ස් සමාගමේ පහසුකම් සැලසීම හරහා මෙම මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි දෙවැනි මගී නෞකාව මෙය වන අතර මීට පෙර පසුගිය නොවැම්බර් 18 වන දා මගීන් 900 ක් සමඟින් ‘Viking Mars’ මගී නෞකාව කොළඹ වරායට පැමිණ තිබුණි.

 

 

adaderana

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us