හොර ලියැවිලි තනා ඩ්‍රෝන කැමරාවක් පාවිච්චි කළ සිරස සේවකයෙක් අත්අඩංගුවට.   Featured

Published in පුවත්
Wednesday, 22 February 2023 15:51

පසුගිය පෙබරවාරී 12 වන දින කොළඹ විහාර මහා දේවි උදයානයේ පැවැති සිරස රූපවාහිනී ප්‍රසංගයකට මුවා වී ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස අවට ප්‍රදේශ සහ අධි ආරක්ෂිත ප්‍රදේශ ඩ්‍රොන කැමරාවක් උපයෝගි කරගෙන විඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත සිරස ආයතනය විසින් ඩ්‍රෝන කැමරාවක් පාවිච්චි කිරීම සඳහා නිත්‍යනුකූල අවසරයක් ලබා ගෙන තිබුණේද යන්න ගැන පරික්ෂා කිරීමේදී ව්‍යාජ ලියකියවිලි තනා ඩ්‍රොන කැමරාවක් පාවිච්චි කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

එම සිද්ධියට අදාල සියලු පාර්ශ්ව වලින් ප්‍රශ්න කිරීමෙන් අන්‍තුරුව සිරස ආයතනයේ පරිපාලන සහයකුවන් චමික මධුමාල් හෙට්ටිආරච්චි යන අය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මොහු විසින් අදාල ආරක්ෂක නිශ්කාශන සහතිය සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිකුත් කරන බලපත්‍ර දෙකටම සමාන ලියැවිලි ව්‍යාජව සකස් කර තිබේ. ඒ අනුව පසුගියදා ඔහුව වැඩි දුර විමර්ශන සඳහා අත්අඩංගුවට ගෙන ඇති අතර එම ලේඛන සකස් කිරීම සඳහා යොදා ගත් ලැප්ටොප් පරිගනක 2 ක් සහ ජංගම දුරකතනයක්ද පොලිස් බාරයට ගෙන ඇත.

ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සිරස ආයතනයටද චෝදනා එල්ලවී තිබිණි. ඒ සඳාහා අරගලයේ නියුතු පිරිස් කැඳවමින් ඊට අනුබල දුන්නෙ සිරස රුපවාහිනිය බවත් එම මොහොත වන තුරුත් සිරස ඊට අදාල රූපරාමු සජීවව විකාශනය කර තිබූ අතර සිරස රුපවහිනියේ ප්‍රධානින් ගනනාවක්ම එම මොහොත උදාවන තුරම එම නිවස අවට සැරි සරමින් සිටි බවටද තොරතුරු හෙළිවිය.

Last modified on Wednesday, 22 February 2023 15:54

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us