හුටා ! විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පවුලේ වියදමත් රජයෙන් ඉල්ලයි.

Published in පුවත්
Thursday, 23 February 2023 20:01

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විසින් පසුගියදා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට එවා තිබු වහා ඉටුකළ යුතු වෘත්තීය ඉල්ලීම් කිහිපය තුළ ආචාර්යවරුන්ට හිමිවන පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම වෙනුවෙන් අචාර්යවරයකු විදේශගත වන විට ආචාර්ය වරයා සමඟ පවුලේ සාමාජිකයන්ට විදේශගත වීමට හැකි වන සේ රජයේ වියදමින් ගුවන් ටිකට්පත් ලබාදිය යුතුය යන ඉල්ලිමක් ඉදිරිපත්ව තිබේ.

විශේෂ දිමනා රැසක් ඉල්ලා සිටීම මෙන්ම උපයන විට බදු ඉවත් කිරීමේ යෝජනාවන්ට අමතරව මෙම විශේෂ ඉල්ලීම ඉදිරිපත් කර තිබිණි. විශ්ව විද්‍යාල ආචාර්යවරු ඉහළ වැටුපකට උරුමකම් කියන නමුත් උපයන විට බදු ගෙවීම කළ නොහැකි බව ප්‍රකාශ කරමින් මේ දිනවල විරෝධතාවයන්හීද යෙදෙමින් සිටී.

කොහොම නමුත් පවුලේ සාමාජිකයන් රැගෙන විදේශ ගතවීමට රජයේ වියදමින් ගුවන් ටිකට්පත් ඉල්ලීම බැලු බැල්මටම සාමාන්‍ය වෘත්තීය ඉල්ලීමක් නොවේ. අති විශේෂ වරප්‍රසාදයක් ඉල්ලා සිටීමය. මේ වන විටත් විශේෂ වරප්‍රසාද රැසක් ආචාර්යවරුන්ට ලබා දීම සිදුවේ. මෙම ඉල්ලීමෙහි පුදුම සහගත බව නිසා මේ ලියැවිල්ල උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ජනාධිපති ලේකම්වරයාට යොමුකර තිබු අතර පසුව එය ජනාධිපතිවරයාට යොමු කිරීමට කටයුතු කර තිබිණි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පවසා ඇත්තේ 'මේක නම් කරන්න බෑ. අනෙක් ඒවා ගැන සලකා බලන්න පුළුවන්' යනුවෙනි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us