දේශීය ණය ප්‍රශස්තකරණය වැරදි නම් විකල්පයක් යෝජනා කරන්න - මෛත්‍රීපාල

Published in පුවත්
Saturday, 01 July 2023 20:45

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව අද (ජූලි 1) පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 60කින් සම්මත විය. එම යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 62ක් හිමි විය. 40 දෙනකු ඡන්දය ප්‍රකාශකර නැත.

ඒ අනුව කතනායකවරයා සභාවට දැනුම් දුන්නේ, අදාළ යෝජනාව සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බව ය. ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා අවශ්‍ය සියලු ම අවසර, මුදල් ආර්ථික ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාට ලබා දීම සඳහා වන යෝජනාව ලෙස අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසිනි. ඒ සඳහා වූ විවාදය අද පෙරවරුවේ සිට රාත්‍රී 7.30 දක්වා පැවැත් වුණු අතර ඡන්ද විමසීම ඉන් අනතුරුව පැවැත් විණි.

දේශිය රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ශ්‍රීලනිපය නායක මෛත්‍රීපාල සිරිසේන, නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම යෝජනාව යම් පාර්ශ්වයක් විවේචනය කරන්නේනම් ඔවුන් ඒ සඳහා විකල්ප යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවය.

2023 ජුලි මස 01 වන දින

දේශිය රාජ්‍ය ණය ප්‍රශස්ථකරණය සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු යෝජනාව රටේ ජාතික ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදයට පිළියම් සෙවීමට සැලකිය යුතු සහයෝගයක් දක්වන අතර , ඒහි කරුණු කිහිපයක් පමණක් තව දුරටත් සංවාදයට භාජනය කල යුතුව ඇත.

දේශීය රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල මුදල් තැම්පත් කර ඇති ගිණුම් හිමිකරුවන්ට මෙයින් අවාසියක් නොවන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව විසින් වැඩ කරන ජනතාවගේ සුරකෂිතතාව සහ සුබසිද්දිය සඳහා අතීතයේ දි ඇතිකරන ලද , EPF (සේවක අර්ථසාධක අරමුදල) සහ ETF (සේවා නියුක්ති භාරකාර අරමුදල) සතු අරමුදල් සේවකයන්ට අහිමිවීමක් සිදු නොවන බවත් , එම මුදල් අවශ්‍ය වෙලාවන්හිදී ආපසු ලබා ගැනීමට හැකියාවක් තිබෙන බවත් , රජය සහතික කර ප්‍රකාශ කර සිටි. මෙම යෝජිත ප්‍රශස්ථකරණ සැලසුම් මගින් වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ජනතාවගේ දුගීබාවය අවම කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේද දායකත්වය ලබා ගැනීමට අපේක්ෂිත බවත්, ඒනිසා මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැති බව මහ බැංකුව සහ මහාභාණ්ඩාගාරය පවසන බවත්, මා සමග සාකච්ඡා කල ආර්ථික විශේෂඥයින් කිහිපදෙනෙකුගේ අදහසයි.

එම නිසා මෙම අවස්ථාවේ දී රට මුහුණ දී තිබෙන අසීරු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඉදිරිපත් කර ඇති මෙම ප්‍රශස්ථකරණ යෝජනාව යම් පාර්ශ්වයක් විවේචනය කරන්නේනම් ඔවුන් ඒ සඳහා විකල්ප යෝජනාවක් ඉදිරිපත් කල යුතුය . ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම මෙම කාර්යයේදී රට සහ ජනතාව ගැන සිතා මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ප්‍රකාශ කරමි.

මෛත්‍රීපාල සිරිසේන,
හයවන විධායක ජනාධිපති,
පාර්ලිමේන්තු මන්ත්‍රී.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us