කොළඹ හෙල්ලුනොත් සමතලා වෙන බිල්ඩින් !

Published in පුවත්
Monday, 03 July 2023 11:58

මෙරට මුහුදු කලාපය ආශ්‍රිතව රිච්ටර් පරිමාණ අටක(8.0) භූ කම්පනයක් සිදුවුවහොත්, කොළඹ නගරයේ අස්ථාවර පාදම් සහිත උස් ගොඩනැගිලිවලට අවදානම් තත්ත්වයක් උද්ගත වියහැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පැවසුවේය.

මෙරට දකුණු ඉන්දියානු සාගර කලාපය ආශ්‍රිතව රිච්ටර් පරිමාණ හයක (6.0) භූ කම්පනයක් පෙරේදා (01 වැනිදා) වාර්තා විය. මෙරට මුහුදු කලාපයේ සිට කිලෝමීටර් 1095ක් දුරින් පෙරේදා (01 වැනිදා) දහවල් 12.59ට මෙම භූ කම්පනය සිදුවී තිබුණි.

එම භූ කම්පනය කොළඹ, ගාල්ල, නෙළුව, අකුරැස්ස, ඇඹිලිපිටිය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට දැනී තිබුණි.

ඉන්දියානු සාගර කලාපයේ අලුතින් නිර්මාණය වෙමින් පවතින තල මායිම ආශ්‍රිතව මෙවැනි භූ කම්පන ඉදිරි කාලයේදී ද සිදුවිය හැකි බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසන්නේය.

මෙවැනි විශාල භූ කම්පන නිසා මෙරට ගොඩනැගිලිවලට බලපෑමක් තිබෙන බවද, කොළඹ නගරය ආශ්‍රිත උස් ගොඩනැගිලි වර්ගීකරණයකට ලක්කර ඒවායේ අවදානම් තත්ත්වයන් සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් සිදුකළ යුතුව ඇතැයිද ඔහු කීවේය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සම්බන්ධයෙන් පසුගියදා කරන ලද සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ එම මහල් ගොඩනැගිලි රැසක් අබලන් තත්ත්වයක පවතින බවය. මෙම මහල් ගොඩනැගිලිවල නිවාස ඒ්කක 908ක් තිබෙන බවද කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී ද අනාවරණය කෙරිනි.

මෙම මහල් නිවාස කොළඹ, තිඹිරිගස්යාය, රත්මලාන සහ මොරටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටා තිබෙන අතර, ඒවා කොළඹ මහ නගර සභාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව, ස්වාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය යටතේ පාලනය වේ.

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේදී ඒවා භූ කම්පන වලට ඔරොත්තු දෙන පරිදි සකස් කිරීමේ අවශ්‍යතාවය පිළිබදව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ආපදා කළමනාකරණ අංශ වෙත දැනුවත් කර ඇත.

මේ වසරේ ජනවාරි මාසයේ සිට ඉකුත් 01 වැනිදා දක්වා වූ කාලය තුළදී රට අභ්‍යන්තරයේ සහ ලංකාව ආශ්‍රිත සාගර කලාපය ආශ්‍රිතව භූ කම්පන 13ක් සිදුවී ඇත. එම භූ කම්පන අතරින් වැඩිම අගයකින් යුතු භූ කම්පනයක් සිදුවූයේ පෙරේදා (01 වැනිදා) දිනයේදීය.

 

aruna

Last modified on Monday, 03 July 2023 12:01

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us