ලබන වසරේ ජනාධිපතිවරණයට මුදල් වෙන්කරන්න තීරණයක්  

Published in පුවත්
Saturday, 22 July 2023 11:16

ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඇති සුදානම් බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

ජනාධිපතිවරණය ලබන වසර අවසානයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද එය ලබන වසරේ මුල් කාර්තුව තුළ පැවැත්වෙනු ඇතැයි ආණ්ඩුවට සම්බන්ධ එම ආරංචි මාර්ග පැවසීය.

ඒ සඳහා ලබන වසරේ අය – වැයෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය කර ඇති බව ද වාර්තා වේ.

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට අලුතින් පත් වූ සභාපති ආර්.එම්.එල්. රත්නායක ඇතුළු කොමිෂන් සභාවේ නිලධාරීන් ඉකුත් සතිඅන්තයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කරනු ලැබ ඇත.

ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා කොපමණ මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය වෙනවා දැයි කොමිසමෙන් විමසා ඇති ජනාධිපතිවරයා මේ වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සූදානම් කර ගැනීමට සිදුවන බව සඳහන් කර තිබේ.

එම මුදල් අය – වැය ලේඛනයට ඇතුළත් කර වෙන් කරගත යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

අදාළ ඇස්තමේන්තු සකස් කර හැකි ඉක්මනින් ලබා දෙන බව මැතිවරණ කොමිසමේ නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කර ඇත.

එය කඩිනමින් මුදල් අමාත්‍යංශය වෙත යොමු කරන ලෙස දැනුම් දී ඇති ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කරන ලෙසට ද උපදෙස් දී තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු හා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටි බව වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us