තොරතුරු තාක්ෂණය, කර්මාන්තක් ලෙස සවිබල ගැන්වීමේ වැඩසටහන් පෙළක්

Published in පුවත්
Saturday, 05 August 2023 11:36

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය සවිබල ගැන්වීමේ අරමුණින් සංවිධාන කරන ලද 2023 පළාත් තොරතුරු තාක්ෂණ සමුළුව දෙදිනක් පුරා යාපනයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), උතුරු පළාත් තොරතුරු තාක්ෂණ මණ්ඩලය (NCIT) සහ USAID සංවිධානයේ "Catalyze" Private Sector Development (PSD) Activity වැඩසටහන ඒකාබද්ධ ව මෙම සමුළුව සංවිධාන කරන ලදී.

මෙහි දී උතුරු පළාතේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය තවදුරටත් නඟා සිටුවීම ඉලක්ක කර ගනිමින් වැඩසටහන් රැසක් සම්පාදනය කර තිබූ අතර එම කර්මාන්තකරුවන්ට මෙරට මෙන් ම ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශ වීම සහ ඊට තිබෙන අභියෝග ජය ගැනීම පිළිබඳ ව ක්ෂේත්‍රයේ ප්‍රකට සහ කීර්තිමත් තොරතුරු තාක්ෂණ සමාගම්, වෘත්තිකයින් හා විද්වතුන් විසින් දැනුවත් කිරිම් සිදු කරන ලදී.

ඩිජිටල් මාධ්‍ය කළමනාකරණය, UI/UX, නිෂ්පාදන ඉන්ජිනේරු විද්‍යාව, ප්‍රසම්පාදන ක්‍රියාවලිය, තොරතුරු තාක්ෂණ මිලකරණය සහ තොරතුරු තාක්ෂණයට අදාළ නව අණපනත්, නීතිරීති, ගිවිසුම් ආදී ක්ෂේත්‍ර ගැන ද මෙහි දී දැනුවත් කිරීම් සිදු කරන ලදී.

ජාත්‍යන්තර තලයේ මෙරට කටයුතු කරන තොරතුරු තාක්ෂණ සමාගම් සහ විදේශයන්හි තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ නිරත ශ්‍රී ලාංකිකයින්ගේ අත්දැකීම්, වෘත්තීය නිපුණතාවයන් හා දැනුම හුවමාරු කර ගැනීමට ද මෙහි දී අවකාශ සලසා දී තිබිණි.

එම පළාතේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, උපාධිධාරීන් ඇතුළු තරුණ ප්‍රජාව සඳහා තොරතුරු තාක්ෂණ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් ද මෙහි දී පවත්වන ලද අතර ඔවුන් දැඩි උනන්දුවකින් ඒ සඳහා සහභාගි විය.

තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන්ට තම කර්මාන්තය සඳහා බැංකු ක්ෂේ ත්‍රයෙන් ලබා ගත හැකි ඵල ප්‍රයෝජන, මූල්‍ය සුරක්ෂිත බව ඇති කර ගන්නා ආකාරය, ආදායම් පුළුල් කර ගන්නා ආකාරය ආදිය ගැන මෙහි දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ බැංකු විසින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ද පවත්වන ලදී.

යාපනයේ දී පවත්වන ලද මෙම සමුළුවේ සාර්ථකත්වය මත මීළඟ පළාත් තොරතුරු තාක්ෂණ සමුළුව එළැඹෙන අගෝස්තු 25 සහ 26 යන දෙදින තුළ ගාල්ලේ දී පැවැත්වීමට නියමිත අතර එ් පිළිබඳ වැඩි විස්තර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊ මේල් ලිපිනය ඔස්සේ දැන ගත හැක.

Lanka Daily - Checkout for the Latest and Top News from Sri Lanka

Last modified on Saturday, 05 August 2023 11:36

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us