තරුෂිට ජනාධිපති රනිල්ගෙන් ඇමතුමක් !

Published in පුවත්
Thursday, 05 October 2023 14:21

වසර 21කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් හිමිකරදීමට තරුෂි කරුණාරත්න ඊයේ සමත්විය.

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වට එක්වූ තරුෂි කරුණාරත්න එම ඉසව්ව මිනිත්තු 2:03.20කින් නිම කරමින් එහි රන් පදක්කම හිමිකරගත්තාය.

මේ අතර තරුෂි දැක්වූ එම සුවිශේෂී දක්ෂතාවය ඇගයීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇය වෙත මූල්‍ය ත්‍යාගයක් ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ රන් පදක්කම ලක්මවට ලබාදුන් තරුෂි කරුණාරත්නට මිලියන 10ක මුදලක් පිරිනැමීමටය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව වෙත දුරකථන ඇමතුමක් ලබාදී තිබේ. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇයට සිය උණුසුම් සුබ පැතුම් පළ කර ඇති අතර ඇය ලබාගත් ජාත්‍යන්තර ජයග්‍රහණය රටට මහත් ආඩම්බරයක් බවද ඔහු පැවසීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us