ඌරු මස් කන්න ! “නීපා” බලපෑමක් නැහැ !

Published in පුවත්
Thursday, 05 October 2023 13:42

මේ දිනවල ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක පැතිර යමින් තිබෙන “නීපා” වෛරසය නිසා මෙරට ඌරු මස් පරිභෝජනය අඩු වී ඇතැයි ද, එම නිසා ඌරු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ගැටළු රැසකට මුහුණ පා සිටින බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරීහු ඊයේ (04) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දෙනු ලැබීය.

නීපා වෛරස අවදානම පිළිබඳව අදහස් පළ කළ පශු සම්පත් අංශයේ නිලධාරීන් එම වෛරසය ශ්‍රී ලංකාවට ඇතුල්වීමේ අවධානමක් නොමැති බවත්, එම නිසා ඌරු මස් පරිභෝජනයට බිය විය යුතු නැති බවත් අවධාරණය කළේය.

නීපා වෛරසය යනු සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකි ( Zoonotic) රෝග තත්ත්වයකි. මෙම වෛරසය ආසාදිත ඌරන් අනාරක්ෂිතව ස්පර්ශ කිරීමෙන්, ඔවුන්ගේ පටක, ශරීර තරල සහ මළමුත්‍රා මඟින් මිනිසුන්ට බෝවීමට හැකියාව ඇත.

එසේ වුවද මේ වනවිට මෙම රෝගය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොතිබීමත්, සෞඛ්‍ය අංශ විසින් රෝග ආවේක්ෂණ කටයුතු දැඩිව ක්‍රියාත්මක කිරීමත් නිසා අප රටට නීපා වෛරසය ඇතුළුවීමට ඇති ඉඩකඩ ඉතා අල්ප වේ.

එමෙන්ම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ සියලුම ඌරු ගොවිපළවල් අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇත.

එම නිසා, මෙරට නිෂ්පාදනය කරන ලද ඌරු මස් පරිභෝජනය සඳහා අනිසි බියක් ඇතිකර ගත යුතු නැතැයි ද ඌරු මස් පරිභෝජනය කිරීම ගැටළුවක් නොවන බවත් පශු සම්පත් අංශයේ නිලධාරීහු අවධාරණය කළහ.

ඊයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධව සාකච්ඡාවක් පැවති අතර එහිදී මෙම අදහස් පළ විය.

-දිනමිණ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us