අනතුරින් දිවි අහිමිවූවන්ගේ පවුල්වලට ලක්ෂ5 ක් ! රනිල්ගෙන් උපදෙස් !

Published in පුවත්
Friday, 06 October 2023 11:52

අද (06) උදෑසන කොල්ලුපිටිය ලීබර්ටි වටරවුම අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ පහ බැගින් මූල්‍යාධාරයක් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනයක විසින් ප්‍රවාහන අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත දැනුම්දී තිබේ .

මෙම අනතුරින් මේ වන විට පස් දෙනෙකු මිය ගොස් ඇති අතර රෝහල් ගත කළ පිරිසගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර ඇත.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් පරිසර අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අදාළ පළාත් පාලන ආයතනයන්හි නිලධාරීන්ට උපදෙස් ලබා දෙමින් කියා සිටියේ පවතින වැසිබර කාළගුණය හේතුවෙන් මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව වහාම අධ්‍යයනයක් කර මහජනතාවට තර්ජනයක් විය හැකි සෑම දෙයක්ම ඉවත්කරන ලෙසයි.
එසේම මේ සමඟ සම්බන්ධීකරණයවී අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් හට ද අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

Last modified on Friday, 06 October 2023 12:09

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us