මාතරට කඩිනමින් සහන සලසන්න - ජනපති කියයි !

Published in පුවත්
Friday, 06 October 2023 12:24

අධික වර්ෂාව සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බලා ඔවුන්ට සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට ඊයේ (05) උපදෙස් දුන්නේය.

එම ජනතාවට අවශ්‍ය පිසූ ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් නොඅඩුව සපයා දෙන ලෙසත් එම කටයුතුවලදී ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා ලෙසත් පැවසු ජනාධිපතිවරයා ඉදිරියේදී ගංවතුර තත්ත්වය ඉහළ යෑමක් සිදුවුවහොත් එම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පෙර සූදානමකින් කටයුතු කරන ලෙස ද අදාළ අංශ වෙත දැනුම් දී තිබේ.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අනෙකුත් දිස්ත්‍රික්කවල ද ඇති විය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.

ගංවතුර, තද සුළං, පස් කඳු කඩා වැටීම්, තද වැසි, ගල් පෙරළීම් හා ගස් කඩා වැටීම් හේතුවෙන් මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක පවුල් 2350ක පුද්ගලයන් 9448 දෙනකු පමණ පීඩාවට පත්ව සිටී. අර්ධ හානි සිදු වූ නිවාස ගණන 399ක් වන අතර වෙනත් දේපොළ හානි 37කි.

මේ අතර ගංවතුරින් වැඩිම පීඩාවකට පත්වූ මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් විශේෂ සහන වැඩපිළිවෙළක් ද යුද හමුදාව විසින් ක්‍රියාත්මක කර ඇත.

පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා අගුල් 06ක් හා මෝටර් බෝට්ටු 03ක් යොදවා තිබෙන අතර හදිසි ආපදා තත්ත්වයකදී එම ජනතාව මුදා ගැනීම වෙනුවෙන් විශේෂ හමුදා රථ ස්ථානගත කර තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ හදිසි ආපදා තත්ත්වයන් සහ ඊට අදාළ තොරතුරු දැනුම් දීම සඳහා මේජර් ජෙනරාල් ජානක රණසිංහ (0766907042), කර්නල් රොෂාන් කන්නංගර (0766907146) සම්බන්ධ කර ගන්නා ලෙස ඉල්ලීමක් කෙරේ.

මේ අතර මාතර දිස්ත්‍රික්කයේ හදිසි ආපදා තත්ත්වය සහ ජනතාවට සහන සැලසීමට ගත යුතු ඉදිරි පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (04) පැවැත්විණි.

පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට ගත යුතු පියවර පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ගංවතුර තත්ත්වය පහව යෑමෙන් පසු ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මේ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කොළඹ පිහිටි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) මෙහෙයුම් මැදිරියේ ඊයේ (05) නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

හදිසි අවස්ථා වලදී ගත හැකි සහන ක්‍රියාමාර්ග වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය.

එසේම අයහපත් කාලගුණයෙන් විපතට පත් ප්‍රජාවන්ට කඩිනම් සහන සැලසීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසද අමාත්‍ය තෙන්නකෝන් අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. පවතින පහසුකම් ශක්තිමත් කරමින් ආපදා සහන කටයුතුවලට බලපාන දැනට පවතින ගැටලු විසඳීමට පියවර ගන්නා බවද ඔහු එහිදී පැවසීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us