2024 රාජ්‍ය ආදායම් ඉලක්ක කළ වසරක්

Published in පුවත්
Saturday, 07 October 2023 10:12

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආදායම් උපදවන සියළු ආයතන කාර්යක්ෂම කිරීම සඳහා 2024 වසරේ සිට එම ආයතන වලට සපුරාගත යුතු ඉලක්ක ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

එම ආයතන ආදායම් උපයාගත යුතු ප්‍රමාණය ඇතුළු ඉලක්ක මේ අනුව ලබාදීමට නියමිතය. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා ඉහත ආයතන හරියාකාරව කටයුතු කර නැතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද රජයට දැනුම් දී තිබේ. අදාල ආයතන රාජ්‍ය ආදායම උත්පාදනයේදී දුර්වලතාවයක් පෙන්නුම් කරන බව රජයේ නිරීක්ෂණයට ද ලක්ව ඇත.දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ අතරින් දුර්වලම ආයතනය බවද නිරීක්ෂණය වී තිබේ. විශේෂයෙන්ම බදු ගෙවිය යුතු අයගෙන් බදු අය කරගැනීමට අසමත් වීම කැපී පෙනෙන දුර්වලතාවයක් ලෙස මතුව තිබේ.

පසුගියදා සිදුවූ ඇමැති මණඩල හමුවකදී ජනාධිපතිවරයා මෙම ආයතන ඇතුළු රජයේ ආදායම් උපදවන සියළු ආයතන සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මකව අදහස් පළ කර ඇත. එහිදි ජනතාව ඇති තරම් රට වෙනුවෙන් කැපකිරීම කර ඇති නමුත් මෙම ආයතවල වගකිව යුත්තන් සිය වගකීමම ඉටු කර නැති බවට චෝදනා කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝග කර ඇත්තේ අදාල ආයතන 2024 වසරේ සිට රජය දෙන ඉලක්ක වලට වැඩ කටයුතු කළ යුතු බවටය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us