රාජ්‍ය සේවක අතිරික්ත ඉවත් කිරීම ඇරැඹේ Featured

Published in පුවත්
Saturday, 07 October 2023 10:19

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවකයන් 1,417ක ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමය සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් කෝටි 376 (මිලියන 3,764)ක මුදලක් ලැබුණු බව ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතිඥා රත්නසිරි කළුපහන මහතා පැවසීය.

වන්දි ලබා විශ්‍රාම යන සේවකයන් 1,417 ට වයස 55 ට වැඩි සේවකයන් 252 ක් සහ වයස 55 ට අඩු සේවකයන් 1,165 ක් ඇතුළත් බවත් භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදලින් එම ආයතන දෙකේ විශ්‍රාම ලැබූ, මියගිය සහ ඉල්ලා අස්වූ සේවකයන් 910 කට ව්‍යවස්ථාපිත ගෙවීම් කළ යුතු බවත් සභාපතිවරයා කීය.

කොවිඩ් වසංගතය සහ රට ආර්ථික වශයෙන් කඩා වැටීම් ආදි හේතූන් නිසා එම සංස්ථාවේ සේවකයන් 1,800 කට පමණ රුපියල් කෝටි 14 ක් (මිලියන 140) පමණ වූ වැටුප් ගෙවීමටට නොහැකිව ගැටලු නිර්මාණය වූ බව කී නීතිඥා රත්නසිරි කළුපහන මහතා මෙම වන්දි යෝජනා ක්‍රමයෙන් සේවකයන් ඉවත්වීමෙන් පසුව සංස්ථාවේ වැටුප් පිරිවැය කෝටි 4 කට (මිලියන 40) අඩු වන බව ද සඳහන් කළේය.

වන්දි යෝජනා ක්‍රමය ක්‍රියාත්ම කිරීමට රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව සතු පෑලියගොඩ ප්‍රදේශයේ අක්කර 17 ක ඉඩමක් විකිණීමට සැළසුම් කළ ද ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ඉඩම විකිණිම අත්හිටුවූ බව ද සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

-lankadeepa

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us