ධම්මික පෙරේරා පොහොට්ටුවෙන් ජනාධිපතිවරණට   Featured

Published in පුවත්
Sunday, 08 October 2023 10:25

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා ඉදිරි ජනාධිපතිවරණ ඡන්දය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් පසුවන බව පවසයි.

ඉදිරි ජනපතිවරණය සඳහා ධම්මික පෙරේරා මහතා ඉදිරිපත්වන බවට පැතිරයන ප්‍රචාර සම්බන්ධයෙන් දේශය පුවත්පත මෙම විමසුම සිදුකළ බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් තමා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ ප්‍රකාශ කෙරෙන සමස්ත ඡන්ද අතරින් 51%ක් ලබාගත හැකි බවට විශ්වාසය තහවුරු වුවහොත් පමණක් බවද ඔහු මෙහිදී සඳහන් කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති ධම්මික පෙරේරා මහතා, තමන්ගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් බහුතර පක්ෂ එකඟතාවක් ඇතිවුවහොත් එය ස්වකීය මැතිවරණ සටනට විශාල ජවයක් වන බවද පවසා තිබේ.

මේ අතර ඔහු ජනපතිවරණ සටනට පිවිසෙන්නේ කවර පක්ෂයකින්දැයි කළ විමසුමකට පිළිතුරු දී ඇති හෙතෙම තමන් දැනටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන බව පමණක් පවසා තිබේ.

පසුගියදා පොදු ජන පෙරෙමුණේ ප්‍රකාශකයකුගෙන් කියැවුණෙ තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා අකුරු 4 ක නමක් සහිත් පුද්ගලයකු බවය. ඒසේම ඇතැම් මාධ්‍ය වාර්ථාවක පොදුජන පෙරමුණ ධම්මික පෙරේරා සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම සඳහා සාකච්ඡා කරමින් ඇති බවත් සඳහන් විය.

දිවයිනේ ප්‍රධාන පෙළේ සමාගම් 18ක පමණ අධිපතිවරයා ලෙස කලකට පෙර කටයුතු කළ පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියට පත්වූ අවස්ථාවේ එම සමාගම්වල දැරූ සියලු තනතුරුවලින් ඉවත් වූයේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us