මරු කැදවූ ගස මාස දෙකකට පෙර අතු කපා දැමු ගසක් බව හෙළිවේ ! අනාරක්ෂිත ගස් ගැන විශේෂ සාකච්ඡාවක් සදුදා !

Published in පුවත්
Saturday, 07 October 2023 10:54

කොළඹ නගරයේ තිබෙන වසර 30-35කට වඩා පැරණි ගස් අතුරින් අනතුරුදායක ගස් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ගස් පිළිබඳ විශේෂඥයන්ගෙන් සැදුම් ලත් විශේෂ සාකච්ඡාවක් කැඳවීමට ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක උපදෙස් දුන් බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවන් සඳුදා (9) පැවැත්වෙන අතර, ඒ සඳහා පේරාදෙණිය උද්භිද උද්‍යානයේ විශේෂඥයන්, වන සංරක්ෂණ ජනරාල් ඇතුළු ගස් වර්ග පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත පිරිසක් එක් වන බව ඒ මහත්මිය ප්‍රකාශ කළා.

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී පස් දෙනකුට මරු කැඳවමින් ඊයේ (6) සිදු වූ අවාසනාවන්ත අනතුරත් සමඟ කොළඹ නගරයේ එවැනි අනතුරුදායක ගස් ඉවත් කිරීමට අවධානය යොමු වී ඇති බවත්, මේ සාකච්ඡාව ඒ සඳහා එක් පියවරක් බවත් පැවසූ නාගරික කොමසාරිස්වරිය ඒ ගස් කපා ඉවත් කිරීමට ගුවන් හමුදාවේ සහාය ගැනීමට අවධානය යොමුව ඇති බව සඳහන් කළාය. ඊයේ දිනයේම වනජීවී වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරිය සමඟද සාකච්ඡාවක් සිදු කළ බවත්, එහිදී අනතුරුදායක ගස් සම්බන්ධයෙන් වාර්තාවක් දෙන ලෙස තමා ඉල්ලීමක් සිදු කළ බවත් ඇය කීවාය.

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මතට ඉදිරී වැටුණු පැරණි නුග ගස මීට මාස දෙකකට පෙර අතු කපාදැමූ ගසක් බවත්, මෙවැනි අනතුරුදායක ගස් කපාදැමීමත් මෙවැනි ගස් පාලනය කිරීම කොළඹ මහා නගර සභාව විසින් සිදු කරන බවත් පැවසූ නාගරික කොමසාරිස්වරිය ඒ සඳහා පැය 24 පුරා කටයුතු කරන ඒකකයක් ස්ථාපිත කර ඇති බවත් සදහන් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us