මාස 14 කට පසු ප්‍රවීණ නළු ජැක්සන් අවසන් ගමන් යයි !

Published in පුවත්
Monday, 09 October 2023 10:30

ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී අද (09) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 65 වැනි වියේ පසු වූ ඔහු රිය අනතුරක් හේතුවෙන් මාස 14ක් පමණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතය.

එදින සවස 3ට රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී අවසන් කටයුතු සිදුකරන බව පවුලේ ඥාතීන් දැනුම් දී තිබේ.

මේ අතර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය අද සවස අංක 57, වනිගසූරිය වත්ත, රාගම පාර, කඩවත යන පෞද්ගලික ලිපිනයේ තැන්පත් කරන බව ද ඥාතීන් දැනුම් දී ඇත.

කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි හෙවත් ජැක්සන් ඇන්තනී, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කලාකරුවෙකු වන ඇන්තනි හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත දහසය වතාවක් දිනා ගත්තේය.

ප්‍රධාන වශයෙන් මාධ්‍ය තුනම අතික්‍රමණය කල නළුවෙකු වන ඇන්තනී රංගනයට අමතරව අධ්‍යක්ෂක, නිෂ්පාදක, ගායක, තිර රචක, රූපවාහිනී සත්කාරක, නවකතා රචක, තීරු රචක, ගීත රචක, ඉතිහාසඥ සහ සංචාරක යන අංශ තුලද කැපී පෙනෙන ලක්ෂන පෙන්වා ඇත.

රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතය.

එදින සවස 3ට රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී අවසන් කටයුතු සිදුකරන බව පවුලේ ඥාතීන් දැනුම් දී තිබේ.

මේ අතර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය අද සවස අංක 57, වනිගසූරිය වත්ත, රාගම පාර, කඩවත යන පෞද්ගලික ලිපිනයේ තැන්පත් කරන බව ද ඥාතීන් දැනුම් දී ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us