මගීන් 150 ක් රැගෙන යා හැකි ඉන්දු ලංකා යාත්‍රා සේවය හෙට යළි ඇරඹේ !

Published in පුවත්
Monday, 09 October 2023 10:39

ඉන්දීය නාවික සංස්ථාව විසින් පවත්වාගෙන යන ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර යාත්‍රා සේවය ඔක්තෝබර් 10දා ආරම්භ වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම යාත්‍රා සේවය ආරම්භ වන්නේ තමිල්නාඩුවේ නාගපට්නම් හා යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ අතරය.

චෙරියපනි නම් වන මෙම යාත්‍රාවේ මගීන් 150කට ගමන් කළ හැකි අතර එක් මගියකුට කිලෝ 50ක ගමන් බඩු රැගෙන යා හැකිය. නාවික සැතපුම් 60ක දුරක් සහිත මෙම ගමන සඳහා මෙම යාත්‍රාව පැය තුනක කාලයක් ගත කරයි. මීටර් 60ක් දිග, 2006දී දියත් කරන ලද මෙම යාත්‍රාව මීට පෙර කොචින් හා නාගපට්නම් අතර සේවයේ යොදා තිබුණි.

එක් දිශාවකට ගමන සඳහා වැඩිහිටි ගාස්තුව ඉන්දීය රු. 7670ක් බව 'ද හින්දු' වාර්තා කළේය..
මීට පෙර තලෙයිමන්නාරමත් ඉන්දියාවේ තූත්තුකුඩිත් අතර පැවති යාත්‍රා සේවය සිවිල් යුද්ධය නිසා 1982දී නතර වීමෙන් පසු බොහෝ අය මෙම යාත්‍රා සේවයේ ආරම්භය ගැන බලාපොරොත්තු තබා තිබිණි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us